Back to Blog

ජූලි 03 වෙනිදා ලෝක මුහුදු පක්ෂි දිනයයි

Editor
ජූලි 03 වෙනිදා ලෝක මුහුදු පක්ෂි දිනයයි

ජූලි 03 වැනි දා විශේෂ දවසක් කිව්වොත් ඔයාලා මොකද හිතන්නේ? ඔව්, බහුතරයකට ජූලි 03 විශේෂත්වය වගේම කුමක් සදහා වෙන් කරන ලද දිනයක් ද කියන එක සම්බන්ධව ලොකූ අවබෝදයක් නැති වෙන්න පුළුවන්. එත්, ගෝලීය ජෛව විවිධත්වයට අදාලව නම් අද තමයි ලෝක මුහුදු පක්ෂීන්ගේ දිනය (World sea birds day). මුහුදු පක්ෂීන්ගේ අනාගත යහපැවැත්ම උදෙසා, 2017 දී තමයි මුලින්ම මේ දවස අන්තර් ජාතිකව සමරන්න පටන් ගත්තේ.

ඉතිං ඇයි ජූලි 03 ම. ඒකට හේතුව නම් දුක්බර එකක්. කලකට කලින් උතුරු අත්ලාන්තික් සාගරය පුරා මිලියන ගණනින් පැතිර ඉදපු Great Auk (Pinguinus impennis) කියන, පෙන්ගුයින් පක්ෂීන් වගේ පියාඹන්න නොහැකි (flightless) පක්ෂි විශේෂයක අවසන් සාමාජිකයා නිරීක්ෂණය කරපු දවස තමයි 1844 ජූලි 03. මේ විශේෂයේ අවසන් සාමාජිකයා දක්වා දඩයම් කලා කියලා තමයි ඉතිහාසය කියන්නේ.

 

සියවස් එකහමාරකටත් තවත් අවරුදු විස්සකට පස්සේ, දඩයම් කිරීම බොහොමයක් රටවල තහනමට ලක්වෙලා තිබුනත් අදටත් මිනිසුන්ගෙන් පරිසරයට සිද්ද වෙන බලපෑම නම් වෙනස් වෙලා නෑ. අන්න ඒ කාරණාව සිහිපත් වෙන්නත් එක්ක තමයි ජූලි 03, ලෝක මුහුදු පක්ෂි දිනය ලෙස නම් කෙරුනේ.

 

ශ්‍රී ලංකාව කියන්නෙත් මුහුදු පක්ෂි දිනය ඉතාමත් වැදගත් වෙන රටක්. ඇයි මම එහෙම කිව්වේ, අපි හැමෝම දන්නවා අපේ රට වටවෙලා තියෙන්නේ මුහුදෙන්. ඉතිං මේ මුහුදේ අපිට ම ආවේණික මුහුදු පක්ෂීන් හමුනොවුනත්, 50කට වැඩි මුහුදු පක්ෂි විශේෂ වාර්තා වෙනවා. සරු වෙරළාශ්‍රිත පරිසර පද්ධති සහ තෙත්බිම් සංක්‍රමණික සමය (migratory season) ලක්ෂ ගණනින් මුහුදු පක්ෂීන්ට තාවකාලික වාසස්ථාන සපයනවා. ඉතිං මේ පක්ෂීන් ප්‍රධාන ගෝත්‍ර කිහිපයකටම අයත් වෙනවා.

·         Procellariiformes (shearwaters)

·         Pelecaniformes (frigatebirds සහ boobys)

·         Charadriiformes (gulls, terns, සහ allies)

·         Suliformes (cormorants)

 

අගෝස්තුවේ ඉදන් අප්‍රේල් අතර කාලයේ ලංකාවේ උතුරු ප්‍රදේශයේ යාපනය, මන්නාරම, කල්පිටිය, දකුණේ බුන්දල ජාතික උද්‍යානය, ගිනිකොන දිග කුමන ජාතික උද්‍යානය, අරුගම්බේ, සහ නැගෙනහිර ත්‍රීකුණාමලය මුහුදට ආසන්නයේ තෙත්බිම් ආශ්‍රිතව මේ පක්ෂීන් බොහොම පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.

 

කොහොම නමුත්, ලංකාවේ බලාගන්න පුළුවන් මුහුදු පක්ෂීන්ගේ පැවැත්මත් ලෝකයේ අනෙකුත් ස්ථාන වලදී වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා තර් ජනයට ලක් වෙනවා.

·         Habitat loss due to infrastructure development - ඉන් ප්‍රධානම කාරණාව සංවර් ධන කටයුතු නිසා වෙරළ තිරය ජනාවාසකරණය වීමත් සමග මෙම පක්ෂීන්ට සුදුසු වාසස්ථාන විනාශ විම.

·         Overfishing and fisheries bycatch - අවශ්‍යතාවට අධිකව මසුන් ඇල්ලීම සහ හිතාමතාම නොවුනත් මුහුදු ලිහිණින්, දියකාවුන් වැනි මුහුදු පක්ෂීන් මත්ස්‍ය දැල් වල පැටලීම නිසා මරණයට පත් වෙනවා.

·         Pollution and toxics - ප්ලාස්ටික් අපද්‍රව්‍ය, තෙල්, රසායනික අපද්‍රව්‍ය ඉහිරීම් නිසා විවිධාකාර විෂ ද්‍රව්‍ය කෙලින්ම හෝ මත්සයින් හරහා ශරීරගත වීම නිසා මුහුදු පක්ෂීන් කෙටි කාලීනව වගේම දිගු කාලිනවත් රෝගාබාධ වලට ලක්වෙනවා. බොහෝ විට මෙම රෝග දහස් ගණනින් මුහුදු පක්ෂීන්ට මරණය ලගා කරවනවා.

·         Climate change - ඒ වගේම කාලගුණ තත්වයන්ගේ වෙනස්වීමත් මුහුදු පක්ෂීන්ගේ ගහණයට වගේම ප්‍රජනන ක්‍රියාවලියටත් බලපෑම් සිදු කරනවා.

 

නමුත් මේ බලපෑම් වලින් මුහුදු පක්ෂීන් ආරක්ෂා කරගැනීමේ බලාපොරොත්තුවෙන් විවිධ සංරක්ෂණ ව්‍යාපෘතීන් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.

·         Awareness programs - මේ අතුරින් ප්‍රධානම වෑයම විදිහට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පෙන්නලා දෙන්න පුළුවන්. මෙම වැඩසටහන් වලින් මුලිකව පාසල් ළමුන් පරිසරයට හුරු කිරීම්, වෙරළාශ්‍රිත පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ වටිනාකම පිලිබදව සංචාරක සහ ධිවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනවා.      

·         Beach clean-up - ඒ වගේම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් වෙරලාශ්‍රිතව ඇති අපද්‍රව්‍ය සහ විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීමත් මුහුදු පක්ෂීන් සංරක්ෂණය සදහා වැදගත් දායකත්වයක් ලබාදෙනවා.

·         Promoting sustainable ecotourism - වෙරළාශ්‍රිත සංචාරක කාර් මාන්තය වඩාත් හරවත් වගේම පරිසර හිතකාමිව සිදුකිරීම මගින් පරිසරයත් සමඟම කර්මාන්තයේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීමට විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මගින් සිදුකරන මැදිහත් වීමත් මුහුදු පක්ෂීන්ගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් වෙනවා. 

 

ඉතිං මේ මුහුදු පක්ෂීන්ගේ දිනයේ අපි වගේම අනෙකුත් සියලුම ජිවින්ගේ යහපැවැත්ම උදෙසා වගකීම් සහගත වෙමු.

ආශ්‍රිත කියැවීම්:

·         Wikipedia: https://en.wikipedia.org/wiki/Great_auk

·         Birdlife Australia: https://birdlife.org.au/news/2024-world-seabird-day/?srsltid=AfmBOoq50Z8PM9wNU45ytZa075iC-CbYGwdtrlL6L2-NaW2fYwTDe93s&utm_source=chatgpt.com

·         Oriental Bird Club: https://www.orientalbirdclub.org/seabirds

LLLF Media Team

තාරන ඉනූ ලක්සිත්