විද්‍යාත්මක වශයෙන් මො වුන්ව නම් කර ඇත්තේ , Neofelis Nebulosa නමිනි . Nebulosa යනු ලතින් නමකි .එහි තේරුම වලා කුළුයි . මේ නම පටබැඳි ඇත්තේ මේ දිවියාගේ ඇගේ පුල්ලි ඇත්තේ වලාකුළු ලෙසිනි . වර්ණවත් ලෝම වලින් සමන්විත අග්නිදිග ආසියානු මහා භූමියේ සිට දකුණු චීනය දක්වා හිමාලයා කුඩා කදු වැටි අතර හමුවන මධ්‍යම ප්‍රමණයේ කැලෑ බළල් විශේෂයකි.

2008 සිට මොවුන් IUCN රතු ලැයිස්තුව තුල අවධානමට ලක්ව ඇති බව නම් කර ඇත. මෙම සත්වයා ජීවත්වන රටවල් විදියට ඉන්දියාව, නේපාලය, භූතානය, මැලේසියාව, දකුණු බංග්ලාදේශය හදුන්වාදීමට පුලුවනි. කලකට පෙර තායිලන්තය හා සිංගප්පූරුව තුල දක්නට ලැබුණ ත් දැන් වදවී ගොස් ඇත.
මො වුන්ගේ ශරීරය සාපේක්ෂව විශාල හා දිගුය. 1821 දි නිල වශයෙන් විශේෂයක් ලෙස වාර්ථා වූ වලාකුළු දිවියන් මීට වසර 200 කට පමණ පෙර මෙන්ම අදටත් අත්භූතය . වලාකුළු දිවියන් හිම දිවියන් සමග සමීප සම්බන්ධයක් තිබෙන අතර සිංහයන් ,කොටීන්, ජගුවර් හා සැබැ දිවියන් අයත් පැන්තෙරිනා නම් වර්ගීකරණයට ද උපපවුලටද නෑකම් කියයි.

මොවුන් තම වාසස්ථාන සාමාන්‍ය දිවියන් හා කොටීන් සමග බෙදා ගන්නා ප්‍රදේශවල, ආහාර සදහා තරගය වලක්වා ගැනීම වෙනුවෙන් නිශාචර හැසිරීම් රටාවක් පෙන්නුම් කරයි. වලාකුළු දිවියන්ගේ දිගු වලිගය ගස්වල අතුපතර හරහා ගමන් කිරිමේ දි සමබරතාවය රැකගැනීමට යොදා ගනී.
දැනට ලෝකයේ වළා කුළු දිවියන් ඉතිරී වී ඇත්තේ 10000 වඩා අඩුවෙනි .වලිගය රහිතව දිග 90-95 cm පමණ වැඩෙන අතර වලිගය ද 85-90 cm පමණින් යුක්තය. වැඩුනු බර 25 kg ක්වේ. ගැහැණු වලාකුළු දිවියන්ගේ ශරීරයෙන් කුඩා ය.
මෙයාලගේ වර්ණය දුවිලි පැහැති දුඹුරු හා තද අලු ශරීරය මත අදුරු අලු හා කලු පුල්ලි ඇත. වලාකුළු දිවියන් ඉතා දක්ෂ ගස් නගින්නන්ය. ඔවුන් ඒ සදහාද විශාල පාද හා තියුණු නිය භාවිතා කරනු ලබයි. මොවුන්ට තියුණු දෘෂ්ටියක් ඇත. වලාකුළු දිවියන්ට බළල් කුලයේ අනෙකුත් සාමා ජිකයන්ට සාපේක්ෂව වඩා පුලුල් ලෙස මුඛය විවෘත කිරීමට පුලුවනි. ආහාරවලට අනුව මුවන් ,වඳුරන්, උනහපුලුවන්, බිම් ලේන්නු, කබැල්ලා යෝ දඩයම් කරති.

මොවුන්ගේ දත් බොහෝ දුරට සමාන වන්නේ වදවීගිය Sabatooth Cat ටය .ඉදිරි ගාත්රා වල පහල බාහුවල අස්ථි එකිනෙකට වෙන්ව පිහිටා ඇත. ඇස්වල කුණීතය කොල පැහැයක් ගනී.
ඒ වගේම පැරණි චීන බෙහෙත් සෑදීම සදහා මොවුන්ගේ ශරීර කොටස් ලබා ගනී. 2018 සිට අගෝස්තු 04 International Clouded Leopard Day ලෙස නම් කර ඇත.
LLLF Media Team
R.W.N වේගා සිතුමි රාජපක්ෂ
Reference-
Ø https://nationalzoo.si.edu/animals/clouded-leopard
Ø https://www.nationalgeographic.com/animals/mammals/facts/clouded-leopard