Back to Blog

ගල්කිරියා කන්දේ ගෝනකු මරා මස් කළ දඩයක්කරුවෙකු අත්අඩංගුවට

Editor
ගල්කිරියා කන්දේ ගෝනකු මරා මස් කළ දඩයක්කරුවෙකු අත්අඩංගුවට

ගල්කිරියා කන්දේ නිදහසේ දිවි ගෙවු ගෝනකු මරා මස් කළ දඩයක්කරුවෙකු ගම්වාසීන්ගේ සහය ඇතිව අත්ඩංගුවට ගැනීමට හේරත්ගම වනජීවී නිලධාරිහු අද සමත් වුහ.

මෙම වැටලිමේ දී පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකව පවති.

දැනට අත්අඩංගුවේ සිටින සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සඳහා මොරගොල්ලාගම පොලීසිය හා හේරත්ගම වනජීවී අඩවියේ නිලධාරිහු එක්ව සිටිති.

LLLF Media Team

නයනක රන්වැල්ල