Back to Blog

වසර මිලියන 200ක් පැරණි නවතම පියාඹන උරග විශේෂයක් සොයා ගැනේ.

Editor
වසර මිලියන 200ක් පැරණි නවතම පියාඹන උරග විශේෂයක් සොයා ගැනේ.

LLLF Media Team

හංසි හේවගේ

උතුරු ඇමරිකාවේ, ඇරිසෝනා හි පෙට්‍රිෆයිඩ් ජාතික වනෝද්‍යානයේ පාෂාණ නිධි ගවේෂණය කරන විද්‍යාඥයින් විසින් සුවිශේෂී අස්ථි තට්ටුවක් සොයාගෙන ඇත.

වසර මිලියන 200 කට පෙර ජීවත් වූ බවට සැලකෙන ටෙරෝසෝර විශේෂයකගේ ෆොසිල මෙලෙස හමුවී ඇති අතර, මෙය උතුරු ඇමරිකාවේ මෙතෙක් හමු වූ පැරණිතම ටෙරෝසෝර විශේෂයට අයත් ෆොසිලයයි.

The image shows a chunk of rock that has a pinkish hue. There is a fossilised bone embedded in the rock. It is the elongated jaw of a creature - the newly discovered species of flying reptile. A row of teeth embedded in the jawbone is clearly visible.

ටෙරෝසෝරයින් යනු ඩයිනෝසරයින්ට ඉහළින්, ඉහළ අහසේ නැගී සිටි පියාඹන උරගයෙකි. පර්යේෂකයන් විසින් මෙම විශේෂය “අළු පියාපත් සහිත උදා දේවතාවිය” යන අරුතින් Ash-winged dawn goddess ලෙස නම් කර ඇත.

මෙම පුරාතන උරග ජීවියාගේ හකු අස්ථිය, 2011 දී සොයා ගන්නා ලද අතර, නවීන ශිල්පීය ක්‍රම මගින් එය නවතම විශේෂයකට අයත් බව පෙන්වන තොරතුරු දැන් අනාවරණය වී තිබේ.

අනාවරණය වූ ස්ථානය, වසර මිලියන 200 කට පෙර තිබූ ගංගා පතුලක් යැයි සැලකෙන අතර, අවසාදිත ස්ථර අතර එකල ජීවයේ සාක්ෂි සැඟවී ඇත. ටෙරෝසෝර හකු වලට අමතරව අස්ථි, දත්, මාළු කොරපොතු සහ ෆොසිල බවට පත් වූ මළ පවා මෙහිදී සොයාගෙන ඇත.

New Flying Reptile Discovered; Soared Over Dallas | National Geographic

කෙළවර අසාමාන්‍ය ලෙස බොහෝ සේ ගෙවී ඇති දත් අධ්‍යයනය කිරීමෙන්, මුහුදු බෙල්ලෙකුගේ ප්‍රමාණයේ පියාපත් සහිත මෙම උරගයා, දැඩි ශරීර කොටස් සහිත යමක් අනුභව කරන්නට ඇති බව විද්‍යාඥයින් පවසයි. බොහෝ දුරට මෙලෙස ගොදුරු වූයේ අස්ථි කොරපොතු ආවරණයකින් වැසී ඇති ප්‍රාථමික මාළු විය හැකි බව ඔවුන්ගේ මතයයි.

තොරතුරු BBC News ඇසුරිනි.

Link: https://www.bbc.com/news/articles/cqx2zzn53pqo.amp