LLLF Media Team
බී.රාජපක්ෂ
පුවක්පිටිය ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ හබරණ, කෙනෙරක් ගැටී තිබේ. වයස අවුරුදු 20ක් පමණ වන මෙම වන අලියා හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128යි භාග කණුව අසල ප්‍රදේශයේදී දුම්රිය ගැටී තිබේ.
දුම්රියේ ගැටුණු වනඅලියාගේ ඉදිරි දකුණු පාදය කැඩී ගොස් ඇති අතර, වන අලියා දුම්රිය මාර්ගය අසල වැටී සිට තිබේ.
මෙම ස්ථානයේ විශාල දුරකට මාර්ගය පැහැදිලිව දර්ශනය වන බවත් දුම්රිය රියදුරාගේ අපරික්ෂාකාරී ධාවනය මෙම වනඅලියා ගැටීමට හේතුව බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
අද (04) දහවල් වන අලියාගේ පාදයට ප්‍රතිකාර කිරීමේ කටයුතු පණ්ඩුල ගම පශු වෛද්‍ය ඒකකය ආරම්භ කරන බව වනජීවි නිලධාරීන් සඳහන් කළේය. හබරණ හුරුලු පාරිසරික උද්‍යානයේ සිට පුවක්පිටිය ගම්මානයට දුම්රිය මාර්ගය හරහා පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැකපල කරයි. සිද්ධිය සම්බන්ධව රිටිගල සහ කැකිරාව වනජීවි නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.