Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි
කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෙම්මාතගම කෙහෙල්පන්නල ප්‍රදේශයේ මේ දිනවල කඳුකර කොටින් ගෘහාශ්‍රිත සතුන් දඩයම් කරනවා. එබැවින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය අඩාල වී තිබෙන අතර මෙම තත්වය අවම කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (20) කෙහෙල්පන්නල ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්වීමට හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ඇතුළු වනජීවී නිලධාරීන් විසින් කටයුතු කොට තිබේ.

එහිදී ගෘහාශ්‍රිත සතුන් ආරක්ෂිතව රඳවා ගැනීම, වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩි ලෙස ආරක්ෂිත සතෙකු වන කොටියා පිළිබඳ ව පවතින නීතිමය ස්වභාවය , කඳුකර කොටින්ගෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළු ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුනි.

ඔවුනොවුන් අතර සහජීවනයෙන් මිනිසුන්ගේ ආරක්ෂාවත් කොටින්ගේ ආරක්ෂාවත් තහවුරු කරගැනීමට ගතයුතු ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව වනජීවී නිලධාරීන් විසින් පෙන්වා දුනි
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටි මිනිස් ගැටුම පවතින සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කල අතර කොටි මිනිස් ගැටුම කළමනාකරණය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව මෙම වැඩසටහන සිදුකෙරුණි.