Back to Blog

අගෝස්තු 12 වෙනිදා ලෝක අලි දිනයයි

Editor
අගෝස්තු 12 වෙනිදා ලෝක අලි දිනයයි

දවසක් වෙන්කර සැමරුවත් බොහෝ වන අලි වගේම හීලෑ අලි ද මේ වනවිට තම දිවිය ගෙවන්නේ ජීවිත තර්ජන ද සමඟිනි.

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ සහිතව සෑම අවුරුද්දකම අගෝස්තු 12 වන දින  ලෝක අලි දිනය නම් කර ඇත. සියවස් ගණනක් මුළුල්ලේ වන අලින්ගේ නිජ බිමක් වන ශ්‍රී ලංකාවට මෙය ඉතා විශේෂ  දවසක්  වන්නේ, පෙරට තිබු තත්වයට  වඩා අලින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ අවධානයට යොමුකළ යුතු කාලවකවානුවක අප පසු වීම හේතුවෙනි.

World Elephant Day Is August 12, And Here Are 4 Things You Need To Know  About This Important Day Of Awareness

සමීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව තුල  අලි ගහනය 6,000කට ආසන්න වේ. ප්‍රථම වරට ලෝක වන අලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 වැනි දිනය. ඒ, චිත්‍රපට නිර්මාණය  කරන අධ්‍යක්ෂවරයෙකු වන William Shatner විසිනි. තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට 2 න්  පසුව එහි ආසියානු අලින් සම්බන්ධව පළ කළ කරුණු හා තොරතුරැ පිළිබඳව අවධානය යොමුකරමිනි.

ලෝක අලි දිනය සමරන්නේ අප්‍රිකානු හා ආසියානු අලීන් සංරක්ෂණය කරන අරමුණින්ය. මේ වන කොට අප්‍රිකානු අලීන් 400000 ක් හා ආසියානු අලීන් 40000 පමණ ලෝකයේ වාසය කරන බව ඇස්තමේන්තු කර ඇත. නමුත් ,සමහරැන් පවසන ආකාරයට විශ්වාස කරන්නේ අලි ගණන මීටත් වඩා අඩු බවයි.වැඩියෙන්ම තර්ජනයට ලක්වීමට පත්ව ඇත්තේ ආසියානු අලීන්ය. නමුත් ,දිනකට අප්‍රිකානු අලින් 100 තරම් ඝාතනය කිරිමට ලක්ව ඇත්තේ ඔවුන්ගේ දල ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

ශ්‍රී ලංකාව තුළ වාර්තාවන ආසියානු අලි  දැනට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළත්ව ආසියාවේ රටවල් 13ක පමණි. වරෙක බටහිර ආසියාවේ ඉරාන වෙරළ තීරයේ සිට ඉන්දියානු උප මහද්වීපය තෙක් , නැගෙනහිර දෙසින් සුමාත්‍රා, ජාවා සහ බෝර්නියෝ දූපත් ද ඇතුළුව ගිනිකොනදිග ආසියාව තෙක්ම, චීනයේ යැංසි ගඟ දක්වා උතුරටත් ආසියානු අලින් ජීවත් වී තිබේ. නමුත් එම ඓතිහාසික හස්ති වාසභූමි වලින්   95%මේ වන විට අලි ඇතුන් වඳවී ගොස් අවසන්ය.

ලෝකයේ ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් වැඩිම වාර්ෂික අලි මරණ වාර්තාවන රට වන්නේ  ශ්‍රී ලංකාවයි. 2011 වසරේ මෙරට සිදුකළ ප්‍රථම වන අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි ගහනය 5879කි. නමුත් පසුගිය 2012-2022 කාලසීමාව තුළ වන අලින් 3291ක් පමණ මරණයට පත්වී තිබේ. ඒ අතරින්  70% පමණම සිදුවී ඇත්තේ සෘජු මිනිස්  ක්‍රියාකාරකම් හේතුවෙනි.2022 වසරේ මෙරටින් වාර්තාවූ වන අලි මරණ සංඛ්‍යාව 439කි. 2025 වසරේද ගතවුණු සෑම දිනකම එක් අලියෙකු හෝ මරණයට පත්ව තිබේ.

අලියා ලොව සිටින විශාලතම ක්ෂිරපායි සත්වයාය. අලි රංචුව ක නායකත්වය දරන්නේ පරිනත ඇතින්නකි. තරැණ වියට පැමිණි තරුණ අලින් තම රෑනෙන් නෙරපා හරියි.මොවුන් සම්පූර්ණයෙන්ම ශාක භක්ෂකය.කොල අතු හා ඉති  ,පොතු ආහාරයට ගනී.

ඉදිරි පාදයෙන් තණකොල උදුරා හොඩයෙන් එකතුකර වැලි ඉවත්වනතුරැම ගසා දමා ආහාරයට ගනී.මොවුන් අතිදක්ෂ පිහිනුම් කරුවන් වෙති.ගැබ් කාලය මාස 20,22,24  පමණ වේ.

මේ අතර ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් 'මහා හස්ති හමුව' පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය හේතුකොට ගනිමින්   පැවැත්වුණු 'The Gathering of Giants' වැඩසටහන  2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා) Cinnamon Hotels & Resorts හි Cinnamon Habarana Complex හිදී පැවැත්වුණි.

ශ්‍රී ලාංකිය උප විශේෂය වන්නේ ආසියානු අලි ඇතුන්ගෙන් විශාලතම හා තද පැහැති සත්වයෙකි.

ලෝකයේ අලි විශේෂ 3 කි.

1.අප්‍රිකානු සැවානා අලියා

2.අප්‍රිකානු කැලෑ අලියා

3.ආසියානු අලියා

World Elephant Day: Try our elephant quiz! - BBC Newsround

පරිසර පද්ධති තුල සමතුලිතතාවය මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක සංචාරක කර්මාන්තයට විශාල  දායකත්වය ක් ලබා දෙන මෙම සුවිශේෂ ජීවින් කොට්ඨාසය ආරක්ෂා කර ගැනීම හුදෙක් එක්දිනකට පමණක් සීමා කරන්නේ නැතිව අලින්ගේ පැවැත්ම වෙනුවෙන් ස්ථීර වයාපෘතියක අවශ්‍යතාව මේ වන විට ඉතා දැඩි ලෙස පවතින අවශ්‍යතාවයක් වන්නේය.

  

Reference-

·         https://worldelephantday.org/

·         https://www.worldanimalprotection.org/our-campaigns/sentience/animal-awareness-days/world-elephant-day/

·         https://www.nationaldaycalendar.com/international/world-elephant-day-august-12

·         https://www.oneearth.org/celebrating-world-elephant-day/

·         https://www.drishtiias.com/state-pcs-current-affairs/world-elephant-day-6

 LLLF Media Team

R .W.N වේගා සිතුමි රාජපක්ෂ