Back to Blog

අගෝස්තු 30වෙනිදා ජාත්‍යන්තර මිනිමුතු මෝර දිනයයි

Editor
අගෝස්තු 30වෙනිදා  ජාත්‍යන්තර මිනිමුතු මෝර දිනයයි

LLLF Media Team

ආර්.ඩබ්.එන් වේගා රාජපක්ෂ

වාර්ෂිකව අගෝස්තු 30 වන දින තල්මස් මෝර දිනය ප්‍රථම වරට ප්‍රකාශ කරනු ලැබුවේ 2008 වර්ෂයේදී පැවති ජාත්‍යන්තර මිනිමුතු මෝරුන් සමුළුවේදීය.එම මිනිමුතු මෝරුන් ගැන දැනුවත් කිරීම, ඔවුන්ගේ වටිනාකම හා ගහණය අඩුවීම හේතුවෙන් පියවරක් ලෙස සාගර ක්‍රියාකාරීන් සහ මෝර විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.

  

මිනිමුතු මෝරා Whale Shark  _(Rhincodontypus) යනු Chondrichthyes වර්ගයේ (ප්‍රධාන වශයෙන් කාටිලේජ වලින් සමන්විත අස්ථි පද්ධතියකින් යුත්) මත්ස්‍යයෙකි. ඔවුන් ලෝකයේ දැනට ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂය වන අතර උපරිම අඩි 65ක් පමණ වර්ධනය වේ.

මිනිමුතු මෝරාට (Whale Shark) ලබාදී තිබෙන නීතිමය රැකවරනය​

මිනිමුතු මෝරාට ලබාදී තිබෙන නීතිමය රැකවරනය

ලෝකේ විශාලතම මත්ස්‍යයා,ලෝකේ විශාලතම කාටිලේජීය මාලුවා ,ලෝකේ ක්ශීරපායීන් නොවන පෘශ්ථවංශික සත්තු අතුරින් විශාලතමයා මෙන්ම,වඩාත් ඝනකම් සමක් ඇති සත්වයාද වන මිනිමුතු මෝරා මේ වන විට වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුන දී සිටින සත්වයෙකු වශයන් ලෝක සංරක්ශන සංගමයේ නිර්නායක අනුව පෙන්වා දී තිබේ.එසේම,මෙම මත්ස්‍යයාගේ සංඛාවන් කලින් සිටි සංඛ්‍යාවෙන් අඩකට (50%) අඩුවී තිබෙන බවත් ඒ සංවිධානය පෙන්වා දී ඇත.

 

වේල් ශාක් ලෙස ඉංග්‍රීසි භාෂාව තුලින් හඳුන්වන මේ මාළුවාගේ සිරුරේ ඉතා අලංකාර ආකාරයට තිත් පිහිටා තිබිම හේතුව නිසා සිංහල බසින් මිණි මුතු මෝරා ලෙස හඳුන්වයි.

වරකට එක් පැටවකු බිහිකරන මිණිමුතු මෝරකු අවුරුදු 70-100ත් අතර කාලයක් ජීවත්වන බව සත්ව විද්‍යාඥයන්ගේ ඉහලම පිළිගැනීමයි. අඩි 35-40 අතර ප්‍රමාණයක් දක්වා විශාලව වැඩෙන මිණිමුතු මෝරා ලොව සිටින මෝරන් විශේෂයන් අතර විශාලතම විශේෂයයි.

 

ඉන්දියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව වටා සාගර කලාපයේ දක්නට ලැබෙන මිණිමුතු මෝරා දරුණු සතකු නොවන බවත් කිමිදුම් කරුවන් දුටු සැනින් ආසන්නයට පැමිණෙන බවත් සාගරයේ පර්යේෂණ පවත්වන්නෝ ප්‍රකාශ කරති.

 

මිනිමුතු මෝරා මුහුදේ ජීවත් වෙන තවත් අහිංසක මාලුවෙක් Minimuthu shark

ශ්‍රී ලංකාව තුල මිනිමුතු මෝරාට අවශ්‍ය නීතිමය රැකවරනය පිරිනමා තිබෙන්නේ ධීවර සහ ජලජ සම්පත් පනතේ ප්‍රතිපාදනයන් යටතේය.එම පනතේ 29 වන වගන්තිය යටතේ පනවා තිබෙන පරිදි හා 2015.10.28 දින අංක 1938/2 දරන අති විශේශ ගැසට් පත්‍රයේ පලකරන ලද "2015 මෝර මත්ස්‍ය කලමනාකරන නියෝග" හා "2015 මෝර මත්ස්‍ය කලමනාකරන (මහ මුහුදේ) නියෝග" යන නියෝග මාලාවන් 2 ක මගින් ලංකාවේ මුහුදේදී මිනිමුතු මෝරාට නීතිමය ආරක්ශාව ලබාදී තිබේ. 

මේ අතුරින් 2015 මෝර මත්ස්‍ය කලමනාකරන දෙවන නියෝගය අනුව එහි උප ලේඛනයේ සඳහන් මෝරබ විශේශයකට අයත් යම් මෝර මත්ස්‍ය විශේශයක මාලුවකු ඇල්ලීම නොකර යුතු බව දක්වා තිබේ.

 

එසේම,එහි 4 වන නියෝගය අනුව මහ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින කිසිම පුද්ගලයෙකුට විසින් දේශීය ධීවර බෝට්ටුවක් තුල මේ උප ලේඛනයේ සඳහන් මෝර විශේශයකට අයත් යම් මෝර මත්ස්‍ය විශේශයක මාලුවකු හෝ එවැනි මත්ස්‍යයෙකුගේ ශරීර කොටසක් ලග තබා ගැනීම,වෙනත් බෝට්ටුවකට මාරු කිරීම,ගොඩබෑම,ගබඩා කිරීම,විකිනීම හෝ විකිනීම පිණිස අර්පනය කිරීම යන මේ කිසිඳු ක්‍රියාවක් නොකල යුතුබව දක්වා තිබේ.

එමෙන්ම,එහි 5 වන නියෝගය ට අනුව හැඹිලි දැල් වලින් ධීවර කර්මාන්තයේ යෙදෙන කිසිම තැනැත්තෙකු විසින් සිතා මතා මිනිමුතු මෝරා ගැවසෙන ප්‍රදේශවල හැඹිලි දැල් එලීම නොකල යුතු බවත් දක්වා තිබේ.

මිනිමුතු මෝරා සංචාරක කර්මාන්තයට විශාල දායකත්වය ක් ලබා දෙන බැවින් 1998 සිට පිලිපීන රජය මොවුන් දඩයම තහනම් ද කර ඇත.

Reference- https://sharkstewards.org/celebrating-the-worlds-biggest-fish-whale-shark-day/

https://www.daysoftheyear.com/days/international-whale-shark-day/

https://www.ecocalendar.eu/WhaleSharkDay