මෙන්න අද වනෝද්‍යානවල ඇතුළත ඉන්න දුර්ලබ සතුන්ගේ ඉරණම
මේ තියෙන්නේ ලංකාවේ ජාතික වනෝද්‍යානයක ජීවත් වු ලංකාවට ආවේණීක කොටියෙක්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර. එයාව මරලා එයාගේ හම අරන් දඩයක්කාරයෝ පැනලා.යන්තම් එහි සිටින වනජීවී නිලධාරින්ට හැකි වෙලා තියෙනවා මේ සිරුර හරි අත් අඩංගුවට ගන්න.
මේ කොටියා ජීවත්ව ඉදීද්දි ඩොලර් ලක්ස ගණනක් ලංකාවට ගෙන එන්න ඇති. ඒ සල්ලිවලින් තමයි අපි වාහනවලට තෙල් ටික ගහගෙන ගල් අගුරු ටික අරගෙන විදුලිය නිපදවන්නේ.
ඒ විතරක් නෙමෙයි මේ ඉන්නේ මුල්ගල් විශේෂයක්. (keystone species) පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන්නේ මෙයාලා.මේ සත්තු නැති දාට පරිසර සමතුලිතතාවයත් බිඳ වැටෙනවා.අපි ජීවත් වෙලාත් ඉවරයි.
මේ නිසා තමයි අපි කියන්නේ වනජීවී එක ශක්තිමත් කරන්න අවශ්‍යයි කියලා.දැනටත් එහි සේවකයෝ 44%ක් මදි. වනජීවී නිලධාරින්ට අවශ්‍ය කරන නිසි පුහුණුව ද ලැබෙන්නේ ඉතාම සිමිතව.
රාජකාරිය නිසි ලෙස කිරීමට අවශ්‍ය කරන භෞතික සම්පත් ඇත්තේම නැති තරම්.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නිලධාරි හිඟය 44%ක් බව අප ඉහතින් සඳහන් කළා.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වර්තමානය වනවිට අඩවි ආරක්ෂක,අඩවි සහකාර හා වනජීවී නියාමක යන නිල තුන සඳහා පමණක් අනුමත සේවක සංඛ්‍යාව 1591ක්.එහෙත් දැනට ඉන් සේවය සැලසීමට අනුයුක්තව ඉන්නේ සේවකයින් 894 දෙනෙක් පමණයි.ඒ අනුව හිඟ සේවක සංඛ්‍යාව 697ක්.ඉන් මෙහි බැරැරුම් කම තේරුම් ගත හැකි යි.එහෙත් හිටපු සහ සිටින පාලකයන්ට මේවා වගේ වගක් නැහැ.
වහාම මේවා විසඳුවේ නැත්නම් සත්ත්ව සම්පත ඈවර වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
දැන්වත් බලධාරින් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ.ඒ වගේම නවීන තාක්ෂණය දඩයම් මැඩලන්න භාවිතා කරන්න ඕනේ.තාක්ෂණය භාවිත කිරීමත් ඉතාම වැදගත්.
LLLF Media Team
නයනක රන්වැල්ල