LLLF Media Team
ශිහාරි කවින්ද්‍යා ගුණසේකර
ඔබ දැන සිටියාද ලංකාවට පමණක් ආවේණික ශාක විශේෂ පවතින බව? විවිධ රටවලට අනන්‍ය වූ ශාක පවතින අතර අප රටටද ආවේණික වූ ශාක විශේෂ ඇත. ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථානයකින් හෙබි රටක් වන අතර එම විවිධත්වය තුලින් වැදගත් ස්ථානයක් හිමිවන්නේ, ශාක විවිධත්වයටය.
3000 කට අධික දෙශීය මල් පිපෙන ශාක ශ්‍රී ලංකාව තුල සොයාගෙන ඇති අතර 60% ආවේණික ශාක හමුවන්නේ පහත තෙත් බිම් කලාපයේය. 34 % හමුවන්නේ කදුකර ප්‍රදේශ ආශ්‍රිතවය. මෙම විවිධත්වයට හේතු වන සාධක වන්නේ දේශගුණික විපර්යාස , විවිධ භූ විද්‍යාත්මක ලක්ෂණ සහ භූගෝලීය විද්‍යාවේ දිගු ඉතිහාසයත් සමගමය. 2025 දත්ත වලට අනුව ශ්‍රී ලංකාවට අවේණික විශේෂ 927 (මල් පිපෙන ශාක) සොයාගෙන ඇත. ශ්‍රී ලංකා රතු දත්ත පොතෙහි කරුණු වලට අදාලව 863 අවේණික ආවෘත බීජක හද්දුනාගෙන ඇත. එයින් 625ක් වද වී යාමේ තර්ජනයට ලක් ව ඇත. ආවේණික ශාක බහුලව ව්‍යාප්තව ඇත්තේ තෙත් කලාපයේ වන අතර විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ, සිංහරාජ, නකල්ස්, ශ්‍රී පාද , හෝර්ටන් ප්ලේස් සහ අසල ඇති වනාන්තර වල බහුලව දැකගත හැකිවේ. දැනට ශ්‍රී ලංකාවේ ඇති බොහොමයක් ආවේණික ශාක වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.

Kokoona zeylanica
බොහොමයක් ආවේණික ශාක හමුවන්නේ තෙත් කලාපයේ වන අතර උදාහරණ ලෙස පඩු කරද (Crudia Zeylanica ) නොහොත් කෘඩියා සෙලනිකා , Doona trapezifolia '' යකහලු දුන් '' පහතරට වැසිවනාන්තර වල හදුනාගත හැක. Doon gardneri '' රත් දුන් '' හමුවන්නේ කදුකර වැසි වනාන්තර වන සිරිපාද, නකල්ස් ආදී වනාන්තර වලය. වල් දෙල් ( Artocarpus nobilis ) දැක ගත හැක්කේ අතරමැදි කලාපයේ තෙත් පහත බිම් සහ වනාන්තර වලය. Kokoona Zeylanica කොකුන් ලෙසද හදුන්වයි. ශ්‍රී පාදය සහ කන්නෙලිය වැනි වනාන්තර වලට ආවේණික වේ. වැසි වනාන්තර වලට අවේණික අනෙකුත් ශාක වන්නේ Bhesa nitidissima මෙම ශාක ආහාරයක් ලෙසද ඖෂධ ලෙසද භාවිතා කරයි.

Terminalia chebula
ආවේණික ශාක වලට ඇති තවත් වටිනාකමක් වන්නේ බොහොමයක් අවේණික ශාක අතරින් ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාක හදුනා ගත ගැනීමයි. උදාහරණ ලෙස බින් කොහොබ ශාකය, කොකුන්, සුදු හදුන් , වල්ල පට්ට සහ අරළු යන ආදිය කිහිපයකි. බින් කොහොබ ශාකය මධ්‍යම කදුකර ප්‍රදේශ වල දැක ගත හැකි ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයකි. තෙත් වනාන්තර ආශ්‍රිතව ඇති Munronia pinnata දේශීය වෛද්‍ය විද්‍යාවේදී බහුලව යොදා ගනී. මැලේරියා රෝගයට මෙන්ම දියවැඩියාව වැනි රෝග වලටද අක්මාව මගින් සිදු කරන ක්‍රියාවලින්ගේ පහසුවටද උපකාරී වන ඉතා ඉහල වටිනාකමකින් යුක්ත ශාකයක් වේ. Garcinia quaesita (කොකුන්) ශාකය තෙත් කලාපයේ වනාන්තර වලට අවේණික වන අතර ජීර්ණ ක්‍රියාවලි පහසු කිරීමටද, තරබාරු බවට සහ සමේ රෝග වලටද ප්‍රතිකාරකයක් ලෙස උපයෝගී කරගනී. Cinnamomum Zeylanicum (සුදු හදුන්) ශාකය හෘද රෝග වලටද කුෂ්ට වලට ප්‍රතිකාරකයක් ලෙසද, මානසික ආතති සමනය කිරීම සදහා ප්‍රතිකාර ලෙසද යොදා ගනී. Gyrinops walla (වල්ල පට්ට) ශාකය බ්‍රොන්කයිට්ස්, ඇදුම වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදාගනී. අරළු නොහොත් Terminalia chebula දියවැඩියාව සහ ඇස් ආශ්‍රිත රෝග සදහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය යොදාගනී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යනයන්ට අනුව බින් කොහොබ ශාකයෙහි මැලේරිය රෝග නාශක ගුණයක් ඇති බවට සොයාගෙන ඇත.

Cinnamomum zeylanicum
මෙම අවේණික ශාක වලට ඇති තර්ජන වන්නේ වනාන්තර එළිපෙහෙළි කිරීම්, අනවසර ඉදිකිරීම්, නිසා ශාක විශේෂ බොහොමයක් විනාශව ගොස් ඇති අතර තේ, රබර්, කුරුදු වගාවට නැබුරුවත් සමග කෘෂිකාර්මික බිම් වල හිග වබක් දක්නට ලැබේ. මේ සදහා එලි පෙහෙළි කිරීම්වල ප්‍රතිපලයක් ලෙස විශාල ප්‍රමාණයක අවේණික ශාකවලට තර්ජනයකට ලක්ව ඇත. උෂ්ණත්වය ඉහල යාම, වර්ෂාපතන රටාවල වෙනස් වීමද අවේණික ශාක වලට තර්ජනයක් වේ. මන්ද සමහර වෙනික විශේෂ සදහා වැසි සහිත දේශගුණයක් අවශ්‍ය වන අතර උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම් හේතුවෙන් ශාකවලට තර්ජනයක් නිර්මාණය වේ.
මේ සදහා ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ ,
අවේණික ශාක ඉතා ඉහල වටිනාකමක් තම අනන්‍ය වූ නිජභුමියට එම ශාක එම ප්‍රදේශ වලට පමණක් අනන්‍ය වන නිසාය. එම නිසා මෙම ප්‍රදේශ ආරක්ෂා කරගත යුතු වේ. අද සමාජයේ බහුලම ගැටලුව / තර්ජනය වන්නේ මිනිසුන්ගේ මෙම නොදනුවත්බාවය හේතුවෙන් එම ශාක විනාශ කිරීම සිදු කරයි. මෙහිදී ප්‍රධානම පියවර යුත්තේ ජනතාවට මෙම ශාකවල ඇති ඖෂධීය වටිනාකම සහ මේවා ආරක්ෂා කරගත යුත්තේ කුමන හේතුන් නිසාද යන්න පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වේ. නීතිමය පසුබිම තර කිරීමද ගත හැකි තවත් පියවරක් වන අතර පර්යේෂණ කටයුතු පුළුල් කරමින් නව විශේෂ හදුනාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාල බලධාරීන් සදහා ලබා දීම. මෙවැනි ක්‍රියාමර්ග ගැනීම හරහා අප රටට ඉහල වටිනාකමක් දෙන අවේණික ශාක විශේෂ තවදුරටත් ආරක්ෂා කරගත හැකි වේ.මෙය ආරම්භ කල යුත්තේ පාසල් මට්ටමේ සිටය. එවිට ඉදිරි පරම්පරාව මෙහි වටිනාකම මුළු රට තුලම දිනක ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නට පෙළබේ.
References:
2. https://journals.sjp.ac.lk/index.php/fesympo/article/view/6535
5. https://purana-ayurveda.de/en/endemic-herbs-of-sri-lanka
6. https://en.wikipedia.org/wiki/Crudia_zeylanica
7. https://en.wikipedia.org/wiki/Doona_trapezifolia