Back to Blog

හිඟුරක්ගොඩ දී තවත් වන අලියෙක් ඝාතනය කරයි

Editor
හිඟුරක්ගොඩ දී තවත් වන අලියෙක් ඝාතනය කරයි

කොටන තුවක්කුවකින් හිසට එල්ල කල වෙඩි පහරකින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පලුවද්දන ගම්මානයේ ගෙවත්තක වෙඩි තබා ඝාතනය කල වන අලියෙකුගේ මළ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.

කඩුඩුල්ල රක්ෂිතය ආශ්‍රිතව සැරිසැරූ වයස අවුරුදු 20ක් පමණ වන උස අඩි හය හමාරක් වන අලියෙකු මෙසේ මරා දමා තිබෙනවා.

ගෙවත්තේ හිමියා මේ වන විට එහි නොමැති අතර නිලධාරීන් ඔහුව ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතයි.