Back to Blog

ගැබ්බර මුව දෙනක් මරා දමා මස් කිරීමට සූදානම් වූ පස් දෙනෙක් දැලේ

Editor
ගැබ්බර මුව දෙනක් මරා දමා මස් කිරීමට සූදානම්  වූ පස් දෙනෙක් දැලේ

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්...

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මුර සංචාරයක් අතරතුර රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකෙරුණි.

එහිදී ගැබ්බර මුව දෙනක් මරා දමා මස් කිරීමට සූදානම් වන බව නිරීක්ෂණය වූ අතර එක් පුද්ගලයෙක් වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පළා ගියා.

සැකකරුවන් සන්තකයේ ගිණි අවි තිබූ නමුත් ඔවුන් යටත් කරගැනීමට නිලධාරීන් සමත් වුණා. ඒ අවස්ථාවේදී පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සමග බෝර 12 වර්ගයේ ගිණි අවියක්, පතරොම් ,උල් පිහියක්, යතුරුපැදි දෙකක්, විදුලි පන්දමක් වනජීවී භාරයට ගෙන තිබුණි.

May be an image of deer

මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

පලාගිය සැකකරු සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර මෙම වැටලීම විල්පත්තුව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ආර්.ඒ.ඩී.ඩී.සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර කේ.පී.උදය කරුණානායක ,වනජීවි නියාමක පී.යු.සඳරුවන් , ඩබ්.එස්.යූ.කුමාර , ක්ෂේත්‍ර සහයක ධනුෂ්ක උදයංග, සිවිල් ආරක්ෂක එස්.ඒ .දිසානායක , පී.ජේ.දිසානායක , එච්.එම්.ඩී.අයි.හේරත් රියදුරු ආර්.පී.ඩී.ජේ.සෙනෙවිරත්න යන නිලධාරීන් විසින් සිදුකොට තිබේ.

May be an image of 6 people, motorcycle and text