මේ වන විට මෙරට ජලජීවි පනතේ 39වැනි වගන්තිය සහ ජලජිවි පනත උල්ලංඝනය කරමින් ඇක්වේරියම් හිමිකරුවන් සහ විසිතුරු මසුන් ආනයනය කරන්නන් තවමත් පිරානා, ඇලිගේටර් ගා, ඇරපයිමා, ස්නේක් හෙඩ් ඇතුළු භායානක මාංශ භක්ෂක ආක්‍රමණික මත්ස්‍යයන් සිත්සේ ගෙන්වා මෙරට විසිතුරු මසුන් ලෙස අලෙවි කිරිමේ අභිජනනය කිරිමේ ඇති කිරිමේ ක්‍රියාවලිය සුව පහසුව කරගෙන යයි.




සාමාජ මාධ්‍ය කරුවන් විසින් තම මඩිය තරකර ගැනීම උදෙසා විවිධ මාධ්‍යන් ඔස්සේ මෙම මසුන් හුරතල් කරමින් සිටි. මා 2003 වර්ෂයේ සිට එවකට IUCN ලංකා ප්‍රධානිව කටයුතු කළ ආචාර්ය ඡන්න බඹරදෙණිය මහත්මා සමඟ පරිසර පදනම සමඟ මෙම මසුන්ගෙන් සිදුවන අනාගත ව්‍යසනය පිළිබඳ රටට දැනුම් දුන් අතර ඒ සම්බන්ධව පැවති සියළුම රජයන් හි වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු කිරිමට ප්‍රයත්න දැරු නමුත් එය පුස්සක් බවට පත්වි අද වන විට මෙම මසුන් මෙරට ජලාශ ආක්‍රමණය කරමින් සිටි.
මෙරට ජලජිවි පනතේ 39 වැනි වගන්තියේ මෙම ආක්‍රමණික මසුන් තහනම් කිරිම ළඟ තබා ගැනිම සහ විකිණීම නොකළ හැටි බවට පැහැදිලි නිතී ප්‍රතිපාදන තිබියදි මෙම තත්වය කෙරෙහි බලධාරින් නිහඬ පිළිවෙතක් දැරිම කණාගාටුවට සහ මෙරට ආව්ණික මත්ස්‍ය විශේෂයන්හි මලගලමට පාර කැපිමේ කරුණකි. ආචාර්ය පාරිසරික නීතීවේදි ජගත් ගුණවර්ධන මහත්මා මේ සම්බන්ධව කළ නීතී කෙටුම්පත වහාම බලාත්මක කර මෙම අනතුරෙන් මෙරට ජලාශ අපගේ ජලජිවි සම්පත සහ ජනජිවිත ආරක්ෂා කිරිමට වහා පියවර ගත යුතුය. මෙම මසුන් විසිතුරු මසුන් නොව ආක්‍රමණික මත්ස්‍යයන් බව මතක තබා ගන්න.
එමෙන්ම මොවුන් මිලදි ගැනිමෙන් වළකින්න.
මෙම මසුන් ප්‍රවර්ධනය කරන මෙරට සමාජමාධ්‍ය නාලිකා රිපෝට් කරන්න.
මේ සම්බන්ධව යුටියුබ්/සමාජමාධ්‍ය ආයතනය වෙත ලිඛිතව දැනුම් දුන් අතර ඒ සඳහා ඔවුන් සාධනීය ලෙස මැදිහත් වෙමින් සිටි .
අප ද ක්‍රියාත්මක වෙමු.
මෙම විසිතුරු ආක්‍රමණිකයන් තුළ ඇති භයංකර බව පිළිබඳව දැනුවත් කරමු. ඔවුන් ප්‍රතික්ෂේප කර අලෙවිය නවතා දමමු.
LLLF Media Team
ප්‍රසන්න විජයසිංහ ..