Back to Blog

හම්බන්තොටට බලපාන නියගයෙන් බුන්දල වනෝදයානයේ වන ජීවීන්ට බොන්න වතුරත් නැ.

Editor
හම්බන්තොටට බලපාන නියගයෙන් බුන්දල වනෝදයානයේ වන ජීවීන්ට බොන්න වතුරත් නැ.

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත්පතේ පරාක්‍රම ගුණසේකර

එක දිගටම මාස කිහිපයක් තිස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපවත්නා දැඩි නියඟයෙන් බුන්දල පුරාණ එල්ලංගා වැව් පද්ධතියට ' අයත් වැව් ජලය සිඳී යන්නට පටන් ගෙන ඇත. ඒ හේතුවෙන් බුන්දල ජාතික වනෝද්‍යානයේ සහ අවට ප්‍රදේශයේ වන අලි Terrorist ඇතුන් සහ වන ජීවීන් උග්‍ර පානීය ජල දුෂ්කරතා වලට ලක්වෙමින් සිටිති. මේ වන විට බුන්දල එල්ලංගා වැව් පද්ධතියට අයත් ඌරණිය වැව, කරගහ වැව, රකින වැව, අලුත් වැව, රොට වැව, ගෝන විද්ද වැව, පානු වැව සහ බැන්දු වැව යන වැව් සියල්ලේම ජලය සිඳී යමින් පවතී.

මෙම වැව් පද්ධතියේ අවසාන වැව වන බැන්දු වැවේ පිටවාන බිඳී යෑමෙන් එහි පවතින ජලයද බුන්දල කළපුවට ගලාගොස් මහ මුහුදට වැටෙයි. මෙම වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් මේ දක්වා එය ක්‍රියාත්මක නොවන බව බුන්දල * පැරකුම් ' ගොවි සංවිධානයේ සභාපති චන්ද්‍රසෝම වීරරත්න මහතා සදහන් කරයි.