Back to Blog

වසර ගණනක් තිස්සේ ගැටෙන වන අලි සහ අපි

Editor
වසර ගණනක් තිස්සේ ගැටෙන වන අලි සහ අපි

අලි මිනිස් ගැටුම කියන්නේ අද ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අලි මිනිස් ගැටුම් ගැන මතු නොවූ ප්‍රදේශ වලිනුත් දැන් දැන් විවිධ ගැටලුකාරී තත්ත්ව වාර්තා වීමට පටන් අරගෙන. ජනගහනයේ ප්‍රසාරණය, කෘෂිකාර්මික භුමි වල ව්‍යාප්තිය, අනවසර භුමි පරිභෝජනය වගේම පශ්චාත් යුධ සමයේ ඇති වූ නිසි පාරිසරික කළමනාකරණයන් පිළිබඳ අවධානයක් නැති සීග්‍ර සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වෙනස් වන ඉඩම් පරිහරණය නිසා අලි ඇතුන්ට ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වීම මේ ගැටලු ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

කලක් ශ්‍රී ලංකාව පුරා වන අලි ව්‍යාප්තව සිටිය ද, දැන් ඔවුන් වියළි කලාපීය පහත් බිම් වල, කොටසකට සීමා වෙලා. උතුරු, නැගෙනහිර, වයඹ, උතුරු මැද, දකුණ , ඌව පළාත්වල , ජාතික වනෝද්‍යාන වන විල්පත්තු , යාල, උඩවලව, මින්නේරිය වැනි ස්ථාන වල මොවුන් වැඩි වශයෙන් සැරිසරනවා. "තෙත් කලාපය" ලෙස හැඳින්වෙන නිරිතදිග ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ මේ වෙනකොට ගොඩක් ජනාකීර්ණ සහ සංවර්ධිත ප්‍රදේශ. එමනිසා තෙත් කලාපයේ නම් වන අලි කියන්නේ කොහොමත් දුර්ලභ දසුනක්. කෙසේ නමුත් තෙත් කලාපයේ ශ්‍රී පාද වන අභයභූමියේ සහ සිංහරාජ වන රක්ෂිතයේ හුදකලා වූ අලි ගහනයක් දෙකක් ඇති බව ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු සහ ද සිල්වා ඔවුන්ගේ වන අලි ගහණ පිලිබඳ පර්ය්ෂණ වාර්තාවේ සඳහන් කරලා තියනවා. මේ ගහන දෙක "තෙත් කලාපයේ අවසාන අලි ඇතුන්" බවයි එහි සඳහන් වෙන්නේ.

දකුණු ආසියාවේ දෙවන විශාලතම වන අලි ගහනය ඉන්නේ ශ්‍රී ලංකාවේ ය. මෙලෙස ආසියාවේ වැඩිම අලි ඝනත්වය ඇති අප රටේ පසුගිය වසර කිහිපය තුළ වන අලි ගහනය 50% කට වඩා අඩු වී ඇති නිසා අද වන විට ශ්‍රී ලංකාවේ අලි (Elephas maximus maximus) රතු දත්ත (IUCN) වාර්තා වලට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස සලකනු ලබනවා.

අනුරාධපුර අලි මිනිස් ගැටුම මැඩීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් වසරකට අලි ඇතුන් 250ක්-300ක් පමණ විවිධ හේතු නිසා මිය යනවා. අලි මිනිස් ගැටුම හේතුවෙන් මිය යන මිනිසුන් ගණන වසරකට 70-90 ත් අතර ප්‍රමාණයකි. නමුත් පසුගිය වසරේ පමණක් අලි මරණ 433 ක් වාර්තාවී තිබෙනවා. මෙය ඉතා විශාල වැඩි වීමක් වගේම දිනෙන් දින සිදුවන අලි මරණ වල වැඩි විමක් මිසක් අඩු වීමක් නම් පෙනෙන්නට නැහැ.

ශ්‍රී ලංකාව ලෝකයේ වාර්ෂිකව වැඩිම අලි මරණ සිදුවන රට ලෙස සලකනු ලබන අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් දෙවනියට වැඩිම මිනිස් මරණ ප්‍රමාණයක් ද සිදු වන රට ලෙස ද සදහන් වේ . ඍජු මිනිස් ක්‍රියාකාරකම්, වන වෙඩි තැබීම, විදුලි රැහැන්, හක්ක පටස් සහ වස භාවිතය වගේම වගා ළිඳවල් වල වැටීම , දුම්රිය අනතුරු සහ වෙනත් ස්වභාවික අපදා මෙම අලි මරණ සඳහා හේතු වෙනවා.

අලි-මිනිස් ගැටුම: නව රජයත් පැරණි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවට චෝදනා -  මව්බිම

අලි මිනිස් ගැටුම් අවම කිරීමට සහ මිනිසුන් සහ අලි ඇතුන් අතර සාමකාමී සහජීවනයකට ඉක්මන් පියවර නොගතහොත් හෙටින් පසු උදාවෙන ලෝකයක් දකින්න නම් මෙරට වන අලි සම්පත අපිත් සමග නොසිටීවී.

LLLF Media Team

යසස්වි කන්කානම්ගේ