Back to Blog

ජූලි මස 14 වන දින ලෝක චිම්පන්සි දිනයයි

Editor
ජූලි මස 14 වන දින ලෝක චිම්පන්සි දිනයයි

ජූලි මස 14 වන දින චිම්පන්සි දිනය ලෝව පපුරා වසන චිම්පන්සියන් වෙනුවෙන් වෙන් වූ දිනයකි. මෙම සත්ත්වයන් බොනොබෝස් යන යන වානර වර්ගයට මෙන්ම මිනිස් වර්ගයාට නෑකම් කියන අපූර්ව සත්ත්ව කොට්ඨාසයකි.

මොවුන්ගේ ගති ලක්ෂණ පැහැදිලි කිරිමක් සිදූ කිරිමේ දී ඔවුන් ඉතා දක්ෂ, බූද්ධිමත් සත්ත්ව විශේෂයකි . මොවුන් ප්‍රයිමේට් ලෙස හදූන්වන ක්ෂිරපායී කණ්ඩායමට අයත් වේ.

උගන්ඩාවේ කිබාලේ වනාන්තරයේ 2-දින චිම්පන්සි කඳු නැගීමේ සෆාරි - ජීවිත කාලය  අත්දැකීම් සෆාරි

මෙම සත්ත්වයන් ජිවත් වන්නේ බටහිර, මධ්‍යම, නැගෙනහිර අප්‍රිකාවේ දක්නට ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වැසි වනාන්තරවල ජිවිතය ගත කරයි. චිමිපන්සින් සමාන්‍යයෙන් අඩි තුනේ සිට 5.5 (මීටර් 1-1.7) පමණ උසකින් යුක්ත වේ. බර කිලෝග්රෑම් 70-130 අතර ප්‍රමාණයක් ගනී. පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් වැඩිය. ඔවූන්ගේ අත් කකුල්වලට වඩා දිගු ස්වභාවයෙන් ගනී. එමෙන්ම කළු හෝ දූඹූරු ලෝම වැස්මකින් යුක්ත වේ. නමූත් මුහුණු, විශාල කන් ,අත්ල, පතුල් වල නම් ලෝම වැස්මක් දක්නට නොමැත.

චිම්පන්සීන් පළතුරු, කොළ ජාති, බීජ ඇතුලු සහ ශාක කොටස් ප්‍රධාන වශයෙන් ආහාර ලෙස භාවිතා කරයි. එමෙන්ම ඔවූන් විසින් කෘමීන් සහ කුරුල්ලන්ගේ බිත්තර ද ආහාරයට ගන්නා අවස්ථාවන් පවතී. තවද වදූරන් සහ වෙනත් ක්ෂීරපායී සතුන් ද දඩයම් කර ආහාරයක් ලෙස ගන්නා අවස්ථාවන් ද නැතුවාම නොවේ.

Chimpanzee sounds - Google Play හි යෙදුම්

චිමිපන්සියන්ගේ හැසිරීම් රටාව තුළ ඔවූන් කකූල් දෙකෙන් හිටගෙන ගමන් කරන අවස්ථා ද දක්නට ඇත. නමූත් බෝහෝ අවස්ථාවල ඔවුන් ඇවිදින්නේ කකුල් සහ අත් දෙක ද යොදා ගනිමිනි. චිමිපන්සින් ගස්වල මෙන්ම පොළවේද කාලය ගතකරනු දැක ගත හැකි බව සදහන් වේ.

චිමිපන්සින්ගේ තවත් සුවිශේෂතා ද පවතී. ඔවූන් විසින් සමහර කොළ වර්ග හපා ස්පොන්ජ් බවට පත් කරයි. පසුව ඔවූන් ඒවා කෝටු ආධාරයෙන් ලබාගෙන කොළවල ඇති යූෂ පානය කරන බව ද සදහන් වේ.

ලොව දුලබම චිම්පන්සි පැටවෙකු සත්තු වත්තක උපත ලබයි

චිම්පන්සි පිරිමි වයස අවූ.15-120 පමණ ඉන්න කණ්ඩායම් ලෙස ජීවත් වේ. මිත්‍රශීලීව ද කටයුතු කරයි . සමහර කණ්ඩායම් මිත්‍රශීලි නොවන අවස්ථා ද පවතී.

සමහර අවස්ථාවලදී එක් කණ්ඩායමක් කුඩා කණ්ඩායමකට පහරදී ඒ කණ්ඩායමේ භූමියත් අත්පත් කරගන්නා අවස්ථාවන් ඇත.

ඒ අනුව මේ අයූරින් චිම්පන්සියා පිළිබදව ගවේෂණය කළ හැකිය.

Graphic Design -

LLLF Media Team

කවීෂා සදමාලි

LLLF Media Team

එච් එම් ප්‍රියංගිකා මදූෂානි