හැමෝම කතා වෙනවා කාවන්තිස්ස ගැන.මට නම් කාවන්තිස්ස වගේම අනිත් හැම අලියාමත් වටිනවා කියන එක මුලින්ම කියන්න ඕනේ.
අද කාවන්තිස්සට එස් ටී එෆ් එක ඉල්ලන අය දන්නේ නැහැ කාවන්තිස්ස ඇවිදින්නේ මරණය අතේ තියන් කියලා. ඒ තමයි අනවසර විදුලි රැහැන් සහ බඳින කඳන්.මෙවැනි මරු කපලු කාවන්තිස්සගේ රංචුව යන මාර්ගයේ හැම තැනම තියෙනවා. පසුගිය දවසක එවැනි අනවසර විදුලි රැහැනක ගැටිලා මිනිස්සු දෙන්නෙක්ම ජීවිතයෙන් සමු ගත්තා. ඊයේ පෙරේදා දවසක මී දෙනක් හා මිනිහෙක් එකම අවස්ථාවේ එවැනි රැහැනක ගොදුරක් බවට පත් වුණා.ඒ නිසා වහාම මේ විදුලි රැහැන් ඉවත් කළ යුතුම වෙනවා.එවැනි විදුලි රැහැනක් ගැන ඔබ දන්නවා නම් පහත දුරකතන අංකවලට වහාම දැනුම් දෙන්න.

කාවන්තිස්ස එවැනි රැහැනක පැටලුනොත් පොඩි වේලාවක් ඇතුළත ඒ මහ ජීවීතය අළු වෙලා යනවා.අනවසර විදුලි රැහැන් යොදන අයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විදුලි සම්බණ්ධතා නැවත කිසිදිනෙක ලබා නොදෙන ආකාරයට අලුත් පනතක් ගෙන එන්න වෙනවා. ඒ වගේම ඒ සම්බණ්ධයෙන් තිබෙන දඩ මුදල් සහ සිර දඬුවම් අඩු තරමින් තුන් ගුණයකින්වත් වැඩි කරන්නත් වෙනවා.
ඊටත් අමතරව එම අනවසර විදුලි රැහැන යෙදු ඉඩම හෝ දේපල රාජ සන්තක කිරීමට හැකි වන ලෙසත් නව නීතියක් ගෙන එන්නම වෙනවා.
මේවා කරන්නේ නැතුව කාවන්තිස්සට එස් ටී එෆ් එක දාන්න කියන එක ඵල රහිත ප්‍රකාශයක් කියලා තමයි මට නම් හිතෙන්නේ…….
LLLF Media Team
නයනක රන්වැල්ල