සර්ටෝඩැක්ටයිලස් යක්හූනා (Cyrtodactylus yakhuna), යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන යක්හූනා යනු ශ්‍රී ලංකාවේ උතුරු අර්ධයට පමණක් ආවේණික හූනන් විශේෂයකි.
මෙම හූනන් විශේෂය ශ්‍රී ලංකාවේ, උතුරු අර්ධයෙහි මීටර් 300 ට අඩු උන්නතාංශයක් සහිත, වියලි කොළ සහිත පතනශීලී සහ පඳුරු සහිත වනාන්තරවල ජීවත් වන භෞමික හූනන් විශේෂයකි. ඔවුන් වාසය කරන ප්‍රදේශ ලෙස උතුරු නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත් හඳුනාගෙන ඇත.
මෙම කුඩා උරගයින් ගේ වැඩුනු සතෙකු සතුව මිලි මීටර 40 -45 ක් පමණ දිග ශක්තිමත්, සිලින්ඩරාකාර සිරුරක් ඇති අතර එය කුඩා, කැටිති සහිත කොරපොතු වලින් වැසී ඇත. ශරීරය යටි පැත්තේ කොරපොතු එකිනෙක අතිච්ඡාදනය ( Overlap) වී ඇත.
වලිගයේ ඉහල කොටස පෘෂ්ඨිමත් ස්වභාවයක් ගන්නා අතර ක්‍රමයෙන් සිහින් වේ. කැඩී ගිය වලිගය නැවත වැඩෙන විට පැතලි සිලින්ඩරාකාර හැඩයක් ගනී. පිට ප්‍රදේශයේ තද අඳුරු පැහැති ලප පේළි දෙකක් දක්නට ලැබේ, ඒවා පෙනුමෙන් එකිනෙකාගෙන් වෙනස් වේ.
මෙම හූනන් විශේෂය අඳුර වැටීමට ආසන්න සන්ධ්‍යා කාලයේදී ක්‍රියාකාරී වන සතෙකි. දිවා කාලයේදී දිරාපත් වුනු ලී කොට සහ වියළි කොළ යට සැඟවී සිටින අතර, සවස් වන විට කුඩා ආත්‍රපෝඩාවන් (කෘමීන්) පණුවන් වැනි සතුන් ආහාරයට ගැනීම සඳහා පිටතට පැමිණේ.
ගැහැණු සතුන් වරකට බිත්තර හතරක් පමණ දමන අතර, සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී මෙය සිදු වේ. බිත්තර මෝරා පුපුරා යාමට දින 95 ක පමණ කාලයක් ගතවේ
යක්හූනන් සඳහා නිශ්චිත IUCN රතු දත්ත වාර්තාමය තත්ත්වයක් තවමත් නොමැති වුවද, ශ්‍රී ලංකාවේ අනෙකුත් භෞමික හූනන් විශේෂ කෘෂිකර්මාන්තය සහ නාගරික සංවර්ධනය සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම වැනි හේතු නිසා වාසස්ථාන අහිමි වීම, ඛණ්ඩනය වීම සහ හායනය වීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.
යක්හූනා යනු ශ්‍රී ලංකාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ උතුරු අර්ධයට ද පමණක් ආවේණික උරග විශේෂයක් නිසා ඔවුන් ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමකි.
LLLF Media Team
සුරංජීව කොඩිතුවක්කු