Back to Blog

තැඹිලි පැහැති දුලබ මෝරෙක් පළමු වතාවට හමු වෙයි

Editor
තැඹිලි පැහැති දුලබ මෝරෙක් පළමු වතාවට හමු වෙයි

විදුසර පුවත්පත ඇසුරෙන්

තැඹිලි පැහැයකින් යුතු දුර්ලභ ගණයේ මෝරෙකු කොස්ටා රීකාහි පැවති මසුන් ඇල්ලීමේ තරගයක් අතරතුර දී හමු වී තිබෙනවා . අඩි 6.5ක දිගින් යුතු වූ Nurse Shark (Ginglymostoma cirratum) මෝරෙක් කොස්ටා රීකාහි පැවති මසුන් ඇල්ලීමේ තරගයක් අතරතුර දී හමු වී තිබෙන බව මෙලෙස වැඩිදුරටත් සදහන් වේ.

Kids News: Rare birth of grey nurse shark at aquarium captured on video |  KidsNews

Xanthium තත්ත්වය මින් පෙර මසුන් විශේෂ කිහිපයකින් නිරීක්ෂණය වී තිබුණත්, මොරුන්, මඩුවන් වැන කාටිලේජ සහිත මසුන්ගෙන් වාර්තා වී තිබුණේ නැහැ. එනිසා ම මේ දුර්ලභ හමුව සුවිශේෂ වන අතර Xanthism තත්ත්වයට අමතර ව මෙම මෝරා ඇලි තත්ත්වයකින් ද පසු වූ බව නිරීක්ෂණය වී තිබුණා. ඒ උගේ දෑස ද දීප්තිමත් සුදු පැහැයකින් දිස් වීම හේතුවෙනි.

Gold-coloured nurse shark caught in Caribbean - DIVE Magazine

සාමාන්‍යයෙන් Nurse shark මෝරුන් කොරල්පර සහ මුහුදු පත්ලට අනුගත වන අඳුරු පැහැයකින් යුතු වනවා.

මේ පිළිබඳව රියෝ ග්‍රාන්ඩේ විශ්වවිද්‍යාලයෙන් පළ කරන ලද අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙය විරල එක් අවස්ථාවක් ද, නැතහොත් අදාළ සාගර කලාපය තුළ වෙසෙන මෝර ගහනයේ ජානමය නැඹුරුවක් ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. මෝරාගේ ශරීර ස්වභාවය සහ වැඩී ඇති ප්‍රමාණය සලකා බැලීමේ දී මේ වර්ණ විපර්යාසය උගේ දිවියට අහිතකර ලෙස බලපා ඇති බවක් දිස් නොවූ බව ද අධ්‍යයනය පෙන්වා දෙනවා.