LLLF Media Team
R.W.N Wega Rajapaksha
ගෝරිල්ලන් වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන වානර විශේෂයක් වන අතර එහි ජනගහනය 10,000 - 20,000ක් වන බව ප්‍රකාශ කළ හැකිය. ගෝරිල්ලන්ගේ දිනය සැමරීම හා ගෝරිල්ලන්ව සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කිරීමට ලොව සිටින ජනතාව සවි බල ගැන්වීමේ වාර්ෂික සිදුවීමක් ලෙස ලෝක ගෝරිල්ලන්ගේ දිනය හඳුවනු ලබයි. නිරිත දිග උගන්ඩාවේ අන්තර්ජාතික ගෝරිල්ලන් සංරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලීස් නමැති පුද්ගලයාය.
කඳුකර යේ සිටින ගෝරිල්ලන් ජීවත් වන ප්‍රදේශ දෙකෙන් එකක් වන මේ වනජීවී රක්ෂිතයයි. වර්තමානයේ වන විට මානවයාට සමව මෙම වානරයන් වඳවීමේ තර්ජනයට ලක්ව සිටිනු ඇත .ලොව වෙසෙන කඳුකර ගෝරිල්ලන්ගෙන් භාගයක්ම වෙසෙන්නේ බුරුන්ඩි ප්‍රදේශයේය. ගෝරිල්ලන් දේනුවක් වසර හතරකට වරක් පැටව් ලබයි .එය ගෝරිල්ලන්ගේ පැවැත්ම ගැන සිතද්දී ඉතාම ශෝචනීය කරුණකි.
නැගෙනහිර ගෝරිල්ලන් හා බටහිර ගෝරිල්ලන් හා උප විශේෂ හතරක් හෝ පහක් ඇත. ගෝරිල්ලන් විශාලතම ජීවමාන ප්‍රයිමේට්ය. පවුල හොමිනිඩේය. ආයු කාලය අවුරුදු තිස්පහත් හතළිහක් තිබේ. සාමාන්‍යයෙන් බටහිර වැඩුණු ගෝරිල්ල්ලකුගේ ස්කන්ධය කිලෝ එකසිය හැටකි. නැගෙනහිර ගෝරිල්ල්ලකුගේ ස්කන්ධය කිලෝ එකසිය පනහකි. කඳුකර ගෝරිල්ලන්හට දිගු ලොම් සහිත සිරුරක් හිමි වේ. ගෝරිල්ලන්ගේ ආහාර රටාව තුල දැකීමට තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ මොවුන් සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වීමයි.
1979 වසරේ ලෝක උරුම ප්‍රදේශයක් බවට පත් කර තිබෙන විරුන්ගා ජාතික වනෝද්‍යානය කඳුකර කදුකර ගෝරිල්ලන්ට මතුපිටින් දිස්වන්නාවූ ස්වකීය නිදහසට සුදුසු පරිසරයක් නොමැති බවට විවේචන පවතී. එනම් , ස්වදේශීය මිනිසුන් දර ලබා ගැනීමට, ගවයන් ට තණකොළ කෑවීමට, මෙම ප්‍රදේශය භාවිතයට ගනී. එම ප්‍රදේශ ආශ්‍රිතව පස සරු බැවින් ගොවිතැන් කටයුතු කරන බැවින් බහු ජාතික සමාගම් කපුරු වගාව සඳහා විශාල මුදලක් ආයෝජනය කර තිබීම විශාල තර්ජනයකි.
ගෝරිල්ලෙන් වඳ වී ගියහොත් ආහාර දාමයේ ස්වභාවික සමතුලිතතාවයට බාධාවක් ඇති කරනු ඇත. කෙසේ නමක් ගෝරිල්ලන් වදවීයාම අප විසින් බේරාගත යුතුය.
References - WCS.ORG WORLD GORILLA DAY
WORLD GORILLA DAY 2025 -WWWF.UK
Smithsonian magazine
DelAgua