Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි
ගල්කිස්ස ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හොස්ටල් සංකීර්ණයක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ iv වන උප ලේඛණයේ සඳහන් දැඩි ලෙස ආරක්ෂිත පක්ෂීන් වන අළු ගිරවකු (Layard's parakeet - Psittacula calthrapae) හා සැළලිහිණියන් දෙදෙනකු(Sri Lanka hill myna - Gracula ptilogenys) තම සන්තකයේ හෝ පාලනය යටතේ තබාගත් සැකකරුවකු පසුගිය 29 දින අත් අඩංගුවට ගෙන තිබුණි.


පෙරේදා (30) දින එම සැකකරු ගරු ගල්කිස්ස මහේස්ත්‍රාත් තුමන් හට ඉදිරිපත් කල අතර එහිදී සැකකරු වරද පිළිගත් අතර එක් චෝදනාවකට රු.20,000/- බැගින් රු. 40,000/-ක් දඩ මුදලක් නියම කොට තිබේ.