Back to Blog

මරණයෙන් හිස එසවූ භාතිය ඇත් රජු

Editor
මරණයෙන් හිස එසවූ භාතිය ඇත් රජු

තවමත් කිසිම විසඳුමක් නැති අලි – මිනිස් ගැටුම හේතුවෙන් දවසින් දවස වටිනා මිනිස් ජීවිත වගේම වන අලි සම්පත ද රටට අහිමි වෙමිනි තිබේ. මේ දවස්වල සමාජයේ වැඩිම අවධානයක් යොමුව ඇත්තේ වෙඩි වැඳීමක් හේතුවෙන් පාදයේ අබාධයකින් පෙළෙන බව කියන භාතිය හස්තියා පිළිබඳවයි. සමාජ මාධ්‍යයේ ජාලාවල ද වැඩිපුර වශයෙන් කතාබහට ලක්වන භාතිය ඇතා ගැන මෙම ලිපිය තුලින් ඉදිරිපත් කෙරේ.

තේක්කරාජා, උපන් කොරයා, සියබලංගමුව ඇතා .පජ්ජල වලකට වැටී මිය ගිය සංඛ වගේ ඇත් රාජයෝ දැදුරුඔය අසල දිවි ගෙවූ ඇත් පරපුරක පුරැක් වේ .නමුත් මේ සියල්ල ම පාහේ දැනට මියගොස් ඇත. දැනට ඉතිරිව සිටින්නේ භාතිය, මානාභරණ පමණ යි.

භාතිය ඇතාට වයස අවුරුදු 30 -35 ත් අතර වයසින් පසුවන ඇතෙකි. මේ තරැණ ඇතා අඹන්පොල, නිකවැරටිය, ගල්ගමුව ප්‍රදේශ වල සැරිසැරැවේය. නිකවැරටිය ගම් වැසියන් පවසන පරිදි මේ ඇතාගේ පාදය ආබාධිත තත්ත්වයට ලක්ව මුණ ගැසී තිබෙන්නේ  පසුගිය පෙබරවාරී වලදී ය. ඇවිදීමට අපහසුතාවට පත්ව ඇති මෙම ඇතා වැව් ආශ්‍රිතව සැරිසැරැවේය. නිකවැරටිය වනජීවී කාර්යාලය ට ගම්වැසියන් කීප වතාවක් දැනුවත් කල අතර එම ඇතාගේ සුවදුක් බැලීමට කිසිවකු පැමිණ නැති අතර ගම්වාසීන් විටින් විට ආහාර පාන ලබා දී තිබුණි .

පසුව මෙම ඇතා පිලිබද ව ගම්වැසියන්ගෙන් ලද තොරතුරැ මත නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මගින් ප්‍රතිකාර කිරීමට පටන් ගත්තේ පසුගිය මැයි මාසයේදී ය. එය මහව වනජීවී කාර්යාලය ට අයත් කැලෑබද ප්‍රදේශයකි.

ඉන්පසු නැවතත් භාතිය ඇතාව නිර්වින්දනය කර ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම සිදු කරන ලද අතර එහිදී දැකගත හැකි වූයේ භාතිය ඇතාගේ ඉදිරි පාදය බොහෝ සේ ඉදිමී තිබ්බත් කකුලේ තුවාල යක කිසිදු සලකුණක් නොමැති බවයි. වෙඩි වැදීමකින් සිදුවූ ආබාධයක් ද සැක පල කෙරේ.

May be an image of elephant

එම පාදයේ විෂ්කම්භය වට අඩි 6 කි.ඒ පාදයට බර දීම ඒවන විටත් භාතිය ඇතා නතර කර තිබූ අතර සෑමවිටම ගසක හෝ ආධාරකයක් ගැනීමට භාතිය ඇතා කටයුතු කළේය. මේ අසාමාන්‍ය ඉදිමීම හේතුවෙන් එය එක්ස් කිරණ පරීක්ෂාව ට ලක්කිරීමට අමාරු වූයේ ශ්‍රී ලංකාවේ පවතින එක්ස් කිරණ උපකරණ යට එතරම් පලල කකුල ක් ස්කෑන් කිරීමට ඇති හැකියාව ක් නොමැති බැවිනි.

ඉදිරිපස දකුණු පාදයේ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් එකදිගටම ප්‍රතිකාර කල භාතිය ඇත් රජු දෙවරක් වැටී ,එම අවස්ථාවන් දෙකේදීම යලි නැගිටිමින් වනජීවී ඉතිහාසය වෙනස්කල ඇතෙකි.

පසුගිය රජයන් විසින් වනජිවි සම්පත රැක ගැනිම වෙනුවට වැඩි ලාබදායි අලි වැටවල් ප්‍රචලිත කිරිමටත්, අලි අගල් කපන මුවාවෙන් හිතවතුන්ට පස් ජාවාරම් කිරිමටත් ඉඩ සැලසු අපුරු කාලයක් අත්විදි අප ද නව රජයකට ඉඩ ලබා දි ඔවුන්ගෙන් බලාපොරොත්තු කල අරමුණු වෙනුවට, පැරණි ක්‍රමයම නම පමනක් වෙනස් කර කරගෙන යන බවක් පෙන්වමින් ඇත.

මේ අතර දිනෙන් දින ක්ෂය වී යන තිබෙන මෙම ඇතා ට හොඬවැලේ ආබාධයක් නිසා ආහාර ගැනීමට නොහැකි වුණි.වම් කන අසලත් තුවාලයක් ද තිබුණි.

භාතිය ඇතා දැන් වැටී සිටින වතුර වලේ පැත්ත වැටී දින 4 ක් පමණ ගතවුණත් වනජීවී පශුවෛද්‍ය ඒකකය ට භාතිය ඇතාව ගොඩ ට ගැනීමට කිසිම සැලැස්ම ක්‍රියාත්මක නොවීය.

රුධිර වාර්තා හොඳයි – පෝෂණය මදි බවක් පෙන්වයි. භාතිය ඇතුගේ නවතම තත්ත්වය | Ape  Rata

නමුත් මෙම භාතිය ඇතා ගොඩක් ක්‍රියාශීලී සතෙකි.තවත් දිනකට කෑම 150 kg -200 kg ආහාර යට ගනී.කෑම දෙද්දී විවිධ පැතිවලට හැරෙයි.

 

මේ අතර ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, දිනකට මීටර් 500ක් පමණ දුරක් පමණ ඇවිද සිටි භාතිය සතියකට පමණ පසු යළියළිත් වතුර වළකට වැටුණු බවයි. එම ස්ථානයෙන් ද ගම්වාසීන්ගේ ද සහය ඇති ව වනජීවි නිලධාරීන් භාතිය එම ස්ථානයෙන් ද ඔසවා තබා තිබුණා. මීට පෙර ලබාදුන් ආහාර හොඬවැලෙන් කට තුළට දා ගත්තත ද ඒ වනවිට හොඬවැලේ ද  ප්‍රශ්නයක් ඇති බව පෙන්නු වූ බව වාර්තාකරු පැවසුවා.. භාතිය ඇතා දැන් සිටින වතුර අඩු වළක බවත් ඔහුට ඇති අපහසුතා නිසා දැන ඔහු එහි වැතිර සිටින බවත් ඔහු පැවසුවා.

ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්ති භාර වෙෙද්‍ය තරිඳු විජේකෝන් ඇතුලු ,යුධ හමුදාව අවට හමුදා කදවුරු වලට හමුදා නිලධාරීන් ඇතුලු පිරිස ද ඒ මොහොතේ උදව් විය. භාතිය ඇතා සිටින වලේ වතුර අඩු කිරීමට කටයුතු සිද්ද කල අතර ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරිණ.

15 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 9 වන ජාතික ආරක්ෂක බලමුළුවට අයත් බටපිරිස් විසින් දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටින භාතිය ඇතාගේ සිරුර ජලයෙන් සිසිල් කිරීමට කටයුතු කලේය. එසේම හමුදා භට පිරිස් විසින් අව් ආවරණයක් ඉදිකර ඇතා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබුණි. එහිදී වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා වනජීවී නිලධාරීන් හා සම්බන්ධවී ඇති යුද හමුදා බටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටින බවයි යුද හමුදාව නිවේදනය කළ තිබුණි. වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා  භාතිය ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා වනජීවී නිලධාරීන් හා සම්බන්ධවී ඇති යුද හමුදා බටපිරිස්, භාතිය  ඇතා බේරාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටින බවයි යුද හමුදාව නිවේදනයක් නිකුත් කලේය. දොබකරේක උදව්වෙන් භාතිය ඇතාව ඉස්සීමට කටයුතු කරද භාතිය ට සිට ගැනීමට අමාරු බැවින් මදක් ඔසවා ලේ ගමනාගමනය මදක් වෙනස් කොට යලි සිටි ස්ථානයේම තබා ඇත. භාතිය ඇත් රජුගේ රුධිර පරීක්ෂණ වාර්තා අයහපත් වන අතර ඒවාගේ පෝෂණය පිලිබද අඩුවක් ඇති බව හදුනාගෙන ඇත.

 

විශේෂ අවස්ථා

1.මහව - පෙබරවාරි මාසය තුලදි පළමුවරට භාතිය ඇතා පාදයේ ආබාධයකට ලක්ව මුණ ගැසීම.

2. වදුරැස්ස-මැයි මාසයේදී නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකය විසින් ප්‍රතිකාර ආරම්භ කිරීම.

3. වදුරැස්ස-ජූනි මාසයේදී නිකවැරටිය ප්‍රදේශ යට පැමිණ මින් සිටියදී ඇතු ඇද වැටීම.

4. වදුරැස්ස -ජූනි මාසය තුල දී මැද කාලයේදී දෙවන වරටත් ඇතු ඇදගෙන වැටීම.

5.පොල්පිතිගම-ජූලි මාසයේ මුල් සතියේ පොල්පිතිගම ප්‍රදේශ යේ නැවතත් ඇතු ඇද වැටීම.

භාතිය ඇත් රජු වැටෙන්න කලින් අදාල ඉහල බළධාරීන් හා අදාල පශු වෛද්‍යවරු නිසිලෙස ප්‍රතිකාර කොට භාතිය ඇතාව ගොඩ දැමීමට උනන්දු වුවා නම් මේ වෙනකොට  භාතිය ගැන හොද ආරංචියක් අහන්න තිබුණි. සත්ත්ව රෝහලක් හදන එක සාර්ථක යැයි යෝජනා කරමි . අනික අනතුරු සිදුවු පසු ඒවට ප්‍රතිකාර කරන වාට වඩා ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු වෙන්න කලින් අවම කරන්න වැඩපිළිවෙළක් හැදුවොත් ඒක ඊට වඩා සාර්ථකයි. අනවසර ගිනිඅවි අත්තඩංගුවට ගෙන එම අපරාධකරුවන්ට නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් හැදුවනන් මේවා ටිකෙන් ටික අවම වේ.

                         

භාතිය ඔබට ඉක්මන් සුවය!!! 

Reference-

https://www.srilankantusckers.com/tusker/68682ceb4eb3e308154497f3

Daily Mirror - Sri Lanka

https://elephant.se/database2.php?elephant_id=7972

http://elephantjourney.info

https://www.elephantjourney.info/

Elephant Journey – Track, Protect, and Conserve

සටහන

LLLF Media Team

වේගා රාජපක්ෂ