LLLF Media Team
නයන කේෂී විජේකෝන්.
ඇය දරු සුරතල් බලන්නට හීන දැක්කාය. වයස අවුරුදු හතලිහක් වන තුරුම ඇය සිය සිහිනය දැක්කාය. එහෙත් දෛවය ඇයගේ සිහිනය සැබෑ කරන්නට තරම් කාරුණික වුයේ නැත. එහෙත් ඇය දරු සුරතල් බලන්නට නව මාවතක් සොයා ගත්තාය. ඇයගේ මේ නව මාවත මිහිමත සිටින ලක්ෂ සංඛ්යාත පිරිසකගේ හුස්ම රැක දීමට සමත් ක්රිකයාවලියක් විය. මේ නිසාම ඇය ඉන්දියාවේ වෘක්ෂ මාතාව ලෙස ද හඳුන්වයි. ඇය නමින් සාලු මන්දරා තිම්මක්කාය. අදවන විට ඇය සිය දිවියේ ශතකය පසු කර තවත් දශකයකට අධික කාලයක් ජීවත් වෙමින් හිඳියි. ඒ තමන් ගන්නා හුස්මකට ණය නැති ගැහැණියක් ලෙසිනි. තිම්මක්කා උපත ලැබුවේ ඉන්දියාවේ කර්‌ණාටක ප්රාඳන්තයේ ටම්කර් දිස්ත‍්‍රික්කයේ පිහිටි ගම්මානයක් වු ගැම්බි හීදීය.

ඇය දිළිඳු පවුලක උපතලද නිසාම සිය අධ්යා පපණය සම්පුර්ණ කර ගැනීමට අසමත් වුවාය. සිය පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇයට කුඩා වියේ සිටම විවධ වු රැකියාවන් හී නිරත වන්නට සිදු විය. යොවුන් වියට එළැඹෙත්ම අන් ඉන්දීය දැරියන්ට මෙන්ම ඇයටද සිදුවුයේ විවාහ වන්නටය. ඇගේ සැමියා වුයේ හූලීකල් නම් ගම්මනයේ ජීවත් වූ ශ්රීය බිකල් චික්කයියාය. විවාහ වූ පසුව තිම්මික්කාගේ ද සිහිනය වුයේ මව් පදවිය ලැබීමයි. එහෙත් ඇයට ඒ වරම හිමි වුයේ නැත. ඇය සිය සැමියා හා දිවියට නව අර්ථයක් සොයා ගත්තාය.
ඔවුන් දෙදෙනා තමන් ජීවත් වන ගම්මානයේ වූ මාර්ගය දෙපස කිලෝමීටර් 4 ක් පමණ දුරක් ආවරණය වන පරිදි නුග පැල දහයක් සිටු වීය. ඒවා දල්ලෙන් දල්ල දමමින් වැඩෙන දෙස බලා ඔවුන් දෙදෙනා සතුටු වූහ. ඉන් නොනැවතුනු ඔවුන් දෙදෙනා තව තවත් ගස් සිටුවන්නට විය. එපමණක් නොව සිට වූ පැළ වල ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඒ පැළ වටා ආරක්ෂක වැටවල් යෙදීය. වියළි කාළයේදී පනිට්ටු වලට ජලය ගෙන යමින් ඒවා රැක ගත්හ. යලි වැසි සමය උදා වන විට ඔවුන් දෙදෙනා තවත් ගස් සිටුවුහ. ඒවා ආරක්ෂා කරන්නට දිවා රාත්රී මුර සංචාර වලද නිරත විය. මේ කිසිවකින් ඔවුන් දෙදෙනා කිසිදු ආර්ථික ලාභයක් නොලැබුනි. තිබුනේ හිතේ සතුට පමණි. අපහසුවෙන් උපයා ගන්නා මුදල් පවා ඔවුන් වැය කළේ සිය වෘක්ෂ දරුවන් වෙනුවෙනි. තිම්මක්කා සිය සැමියා වූ චික්කයියා සමග එක්ව සිට වූ පැළ සංඛ්යාව 8000 කට වැඩිය. ඉන් 400 ක් නුග ගස්ය. තිම්මකාගේ දිවියේ දුකට සැපට සිටි හයියට සිටි සැමියා 1991 දී සිය දිවිය හැර ගියේය. එහෙත් ඇය ඉන් නොනැවතුනාය. තමන් කරගෙන ආ කාර්යය ඇය දිගටම ඉදිරියට ගෙන ගියාය. ඒ වන විට ඔවුන් අතින් සිටවුනු පැළ වැඩී මහා වෘක්ෂයන් බවට පත්ව තිබුනි. ඇය ඒ මවක් ලෙසින් ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියාය. ක්ර ම ක්ර මයෙන් තිම්මාක්කා ඉන්දීය මෙන්ම විදෙස් මධ්යේ වල පවා අවධානයට ලක්වූවාය.
![Learning-Living [learning-living.com]: INSPIRING LIVES: SALUMARADA THIMMAKKA WHO PLANTED A BANYAN BOULEVARD](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmP_pMycxv8oa50GIZWlU95w6c2L2oRVbEl_AXaR_ZremmDolpYM6RCzO_zy7PKVK5L5Ljy4bKpzyz4OUbBPfuIiiwU_VItx4LRRvpcWuYSvGf5ohhUAvELeX-Qz7g1BIRXDk9t_hpBhc/s1600/17bg_BJFIRHI_ma_17_2442521e.jpg)
1995 දී ඇයට ඉන්දීය රජය ජාතික පුරවැසි සම්මානය පිරනැමීමට කටයුතු කළේය. ඉන් පසුව ඇය දෙස් විදෙස් සම්මාන 50 කට අධික සංඛ්‍යාතවක් හිමිවුයේ ඇය කළ මෙහෙවර අමිල වූ නිසාය. 2019 දී එරට රජය ඇයට දිය හැකි උපරිම ගෞරවය තිම්මක්කා වෙත ලබා දුන්නේ ඉන්දීය පුරවැසියකුට ලබා දෙන ඉහලම සම්මානය වන පද්ම ශ්රී සම්මානය වෙත පුද කරමිනි. 1991 දී සාලුමන්දරා තිම්මක්කා ජාත්යයන්තර පදනම පිහිට වූ අතර අද වන විට එහි කටයුතු මෙහෙයවන්නේ හා ගස් සිටුවීමේ වගකීම කරට ගෙන ඇත්තේ ඇය හදා වඩා ගත් පුත්රයයා වන බී. එන් උමේෂ් විසිනි. මෙහිදි පාරිසරික කාරණ පමණක් නොව එරට දිළිඳු ජනයාගේ අධ්යාගපන අවශ්යවතා වෙනුවෙන්ද ඔහුහු හැකි උපරිම දායකත්වය ලබා දීම කරයි.
තිම්මක්කා හට කුඩා කල අහිමි වු අධ්යාශපණයේ අවස්ථාව තවත් දිළිඳු දරුවකුට අහිමි වීම වැළකීම මෙහි අරමුණයි. ඇයගේ බලපෑම දැනී ඇත්තේ ඉන්දියාවට පමණක නොවේ. ඉන්දියාගේ ග්රා මීය ප්රෙවද්ශයක උපත ලැබු මේ නූගත් ගැහැණියගේ තනි පුද්ගල බලපෑම ලොව අන් රටවලටද දැනී ඇත.
BBC ය විසින් 2016 දී නම් කරන ලද ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරට ද මේ අපුරු ගැහැණිය ඇතුළත්ය. එපමණක් නොව Thimmakka's resources for environmental education නමින් ඇමෙරිකාවේ ද සංවිධානයක් වේ. ඇය පරිසර ක්රිsයාකාරකම් උදෙසා තනි පුද්ගලයකුට එල්ල කල හැකි බලපෑම මෙන්ම වෙනස්කම් පිළිබඳ කදිම උදාහරණයකි.
ඇය ඉන්දියාවේ පරිසරය පිළිබඳ නීති රිති වෙනස් කිරීමට මෙන්ම එරට ඒ පිළිබඳව වන ආකල්ප වෙනස් කිරීමටද නිහඬවම විශාල දායකත්වයක් සපයා ඇත්තියකි. ඇය සිය දිවියෙන් දශක 7කට වැඩි කාලයක් කර ඇත්තේ ගස් සිටු වීමයි. ඇය ඉන් ආත්ම තෘප්තියක් ලැබුවා සේම ලොව ඉටු කර ඇති මෙහෙය අම්ලය. තනි පුද්ගලයකුට ලොවට කල හැකි බලපෑම විශාලය. එය තිම්මා කා ක්රිඉයාවෙන් ඔප්පු කර අවසන්ය. ඇය ලොවට ණය නැති ගැහැණියකි.