Back to Blog

අඹන්පොල ප්‍රදේශයේ වන අලි පහර දීම් තුනක්

Editor
අඹන්පොල ප්‍රදේශයේ වන අලි පහර දීම් තුනක්

Elephant Journey පිටුවෙන්

මේ දිනවල අඹන්පොල ආශ්‍රිතව විශාල වශයෙන් වන අලි රංචු ගැවසෙන අතර ඔවුන් සමඟ ගම්වදින අලි කිහිපදෙනෙකු විසින් මෙම පහරදීම් සිදුකර තිබෙනවා. ඉරිදා දින එක් මරණයක්ද, ඒ අඹන්පොල, නැලෑව ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ගෙවත්තේ වන අලි පළවා හැරීමට යනවිට පහරදීම නිසා මිය ගොස් ඇත.

එම මරණ ගෙදර අවසන් කටයුතු අවසන් වීමටත් පෙර අද දින අඹන්පොල අබකොලවැව ප්‍රදේශයේ මවක් සහ සිය දියණිය තම කුඹුරේ වගා කර ඇති මුං සඳහා තෙල් ඉසීමට ගිය අවස්ථාවේ මී ඔයට ආසන්න කුඹුරකදී පහර දී ඇත. දියණිය මියගොස් ඇති අතර මවට අසාධ්‍ය බවට වාර්තා වී ඇත.

එම සිද්ධි දෙකම එක ම කබර සහිත වන අලියෙකු නිසා සිදුවූ බව ගම්වාසීන් පවසන අතර එම අලියා පිළිබඳ විසඳුමක් ලබා දෙන්නැයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.