ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.
ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1955 ඔක්තෝම්බර් මස 01 දිනයේදීයි. පුංචි දරුවෙක් යනු සුවිශේෂී චරිතයක් නිසාත් පුංචි ඔයාලා වගේ දරුවන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මාණය කිරීමට ලෝක ළමා දිනය වැදගත් වනවා.
මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට“ යන්නයි. එමෙන්ම “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු“ තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලබයි.
පුංචි දූලා පුතාලා හැමෝම තම ජීවිතය ආදර්ශමත් කරමින් දෙමාපියන් සහ වැඩිහිටියන්ගේ උපදෙස් පිළිදිමින් පරිසරය හා ස්වභාවදහම ආදරයෙන් ආරක්ෂා කරමින් ජීවත් වීමත් ඉතා වැදගත් වේ. මන්ද එය ඔවුන්ගේ සහ අනාගත පරපුරේ ජීවිතයට වැදගත් තැනක් ලබා දෙන නිසාය. එවැනි දරුවන් සමාජයට වටිනා අය බවට පත්වෙනු නොඅනිමානයි.
අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත් වැඩිහිටි මව්වරුන් හා පියවරුන්ටත් අද දිනය උපහාරයක්ම වේවා...
මේ පණිවිඩය Live & Let Live Foundation වෙතින් ....