LLLF Media Team
R.W.N. Wega Sithumi Rajapaksha
සාගර පරිසර පද්ධතිය තුල විශාල සේවාවන් රැසක් සිදුකරන මෝරුන් සහ මඩුවන් කෙරෙහි අප රට තුලද ඇත්තේ ඉතා අඩු අවධානයක් වුවත් ජාත්‍යන්තර වශයෙන් මෙම විශේෂ කෙරෙහි විශාල අවධානයක් මේ වන විට ලබා දී තිබේ. එයට මූලිකවම
හේතුව වන්නේ මෙම සත්ත්ව කොට්ඨාසය කෙරෙහි බලපා ඇති තර්ජනයන්ය.

මඩුවන් හා මෝරුන් අයත් වන්නේ කාටිලේජමය මත්ස්‍ය වර්ගයේ එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයටය. මැන්ටා මඩුවන් හා කියත් මෝරු අයත් වන්නේද මේ එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට වේ. එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට අයත් සත්ත්ව විශේෂ සාගර පරිසර පද්ධතියේ ආහාර දාමයෙහි ලොකුම පුරුකක් ලෙස ක්‍රියාකරන අතර සාගර පරිසර පද්ධතිය සමතුලිත කිරීමෙහි ලා ඉතා දැවැන්ත සේවයක් සිදුකරයි.
මෙම මත්ස්‍ය වර්ගයට අයත් මෝරුන් සහ මඩු මත්ස්‍යයින් පිළිබඳව අප රට තුල පර්යේෂණ සිදුකරනු ලබන සමුද්‍ර පර්යේෂණ සහ සංරක්ෂණ ආයතනයක් වන "Blue Resources " පදනමෙහි මුල් ආරම්භකයකු වන ඩැනියෙල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාව යනු කුඩා දුපතක් බැවින් මිනිසුන්ගේ රැකියා අවශ්‍යතාවයන් සැලකිය යුතු ප්‍රමාණයක් ධීවර වෘත්තී තුලින් ජීවත් වන බවත් ඒ හේතුවෙන් ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථයන් බහුල ආහාරයක් වශයෙන් මේ මත්ස්‍යයින් කෙරෙහි ධීවර කර්මාන්තයේ වැඩි නැඹුරුවක් ඇති බවයි.
“වසරකට මිලියන ගණනින් බිත්තර දමන ටූනා මාළුන් මෙන් නොව මෝරුන් හා මඩුවන් හට තිබෙන්නේ වෙනස් ජිවන චක්‍රයක්ය. එය බොහෝ දුරට අලියාගේ හා කොටියාගේ ජීවන චක්‍රයට සමාන බව ” යැයි ඩැනියෙල් පැවසුවේය.

බොහෝ අවස්ථාවන්හිදී මෝරුන් සහ මඩුවන් එක්වරකදී බිහි කරනුයේ පැටවුන් 1-2 ත් වන අතර ප්‍රමාණයක් බවත්, බොහෝ විශේෂ පැටවුන් බිහි කරනුයේ වසර 3-6 අතර කාලයකට වරක් බැවින් එය ඉතාමත් මන්දගාමී ප්‍රජනන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසීය. මෙම වර්ගයේම ප්‍රජනන ක්‍රියාවලිය වේගයෙන් සිදුකරනු ලබන ඇතැම් විශේෂ වසරකට වරක් ප්‍රජනන කාලයේදී තම වර්ගයා බෝ කරයි.
ලෝක මඩු මාලු දිනය සනිටුහන් කරලා තියෙන්නේ සුන්දර, මඩු මසුන් සැමරීම සහ ඔවුන් මුහුණ දෙන භයානක තර්ජන පිළිබඳ අවධානයක් ලබා දීම සඳහාය.
අපි එය මඩු මාලු දිනය ලෙස නම් කරමු.