Back to Blog

කොටි දත් හා නිය සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙ⁣දෙනෙක් වනජීවී අත්අඩංගුවට

Editor
කොටි දත් හා නිය සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙ⁣දෙනෙක් වනජීවී අත්අඩංගුවට

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් අංශයට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් විසින් පසුගිය 25 වන දින පන්නිපිටිය ප්‍රදේශයේ දි හදිසි වැටලීමක් සිදුකරන ලදී. එහිදී කොටි දත් හා නිය සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙ⁣දෙනෙක් වනජීවී අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ශ්‍රී ලංකා කොටියා ( Panthera pardus kotiya) ගේ ශරීර කොටස් සන්තකයේ තබා ගැනීම , විකිණීම , ප්‍රදර්ශනය කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව තහනම් ය.

මෙම වැටලීම සඳහා ⁣වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් හා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධ වුණි.