Back to Blog

හලාවත නගරය ආසන්නයටම වන අලි පැමිණෙයි

Editor
හලාවත නගරය ආසන්නයටම වන අලි පැමිණෙයි

හලාවත නගරය ආසන්නයටම වන අලින් 07 කුගෙන් යුත් රංචුවක් සිටිනා බව ගම්වාසීන් පවසයි .පසුගිය දින 04 ක කාලය තුළ මෙම වන අලි රංචුව එම ප්‍රදේශයේ තියන පොල් සහ කෙසෙල් වගාවන්ට හානි කර තිබෙන බව වාර්තා වේ. මෙම වන අලින් දිවා කාලයේ හලාවත - මුන්නේෂ්වරම වැවේ සිටිනා බවක් එහි ගිය මා හට නිරීක්ෂණය විය. වහාම ක්‍රියාත්මක වී මෙම වන අලි රංචුව ආපසු පලවා හැරිය යුතුය. නැතිනම් ඔවුන්ට යම් කිසියම් හානියක් සිදු විය හැකි බැවිනි.

LLLF Media Team

ජූඩ් සමන්ත