ඉතාමත්ම අසාද්‍යව, අපහසුවෙන් ඇවිදිමින් සිටි අලි පැටවෙකු මාදුරුඔය , අරලංගවිල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර අද දින ඔහුට වනජීවී පශුවෛද්‍ය ප්‍රතිකාර හිමි විය. ඉදිරිපස දකුණු පාදයට කිසියම් පාපතරයෙකු විසින් තබන ලද වෙඩි පහරක් හේතුවෙන් අසාද්‍යව සිටි අලි පැටවාට , ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ වෛද්‍ය කලිගු මහතා විසින් අලි පැටවාට ප්‍රතිකාර කිරීම අද සිදු කරන ලදී. වෛද්‍යතුමා විසින් අලි පැටවාගේ පාදය ශල්‍යකර්මයකට ලක් කොට එහි තිබූ ඊයම් පතුරන් ඉවත් කිරීමට කටයුතු කල අතර පාදයේ තිබූ සැරව ඉවත් කර හොඳින් පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

අහිංසකයාගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් ප්‍රතිකාර කල ගිරිතලෙ පශු වෛද්‍ය කලිගු මහතා සහ ඔහුගේ කණ්ඩායමටත් වනජීවී නිලධාරින්ටත් LIVE AND LET LIVE FOUNDATION අපගේ ගෞරවනීය ස්තුතිය.