සෑම වසරකම ජූනි 16 වන දින මුළු ලෝකයම එක්ව ලෝක කැස්බෑ දිනය සමරයි. 17 වන වරට සමරන මෙම දිනය සමුද්‍රීය පරිසර පද්ධතිවලට කැස්බෑවුන්ගේ වැදගත්කම සහ ඔවුන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප කළ දිනයකි. ලොව පුරා කැස්බෑවන් ආරක්ෂා කිරීමට පදනම දැමූ සාගර ජීව විද්‍යාඥයෙකු සහ කැස්බෑ සංරක්ෂකයෙකු වූ ආචාර්ය ආර්චි කාර්ගේ (Dr. Archie Carr) උපන්දිනය මෙදින සමරනු ලැබේ.
කැස්බෑවන් යනු වසර මිලියන 100කට වඩා පෙර, ක්‍රිටේසීය යුගයේ දී එනම් ඩයිනෝසරයන් පෘථිවියේ සැරිසරමින් සිටි යුගයේ දී සම්භවය වූ පෞරාණික උරගයින් විශේෂයකි.පොසිල සාක්‍ෂි වලින් පෙන්වන්නේ පැරණිතම මුහුදු කැස්බෑවන් අදින් වසර මිලියන 110ක් පමණ පෙර මිහිමත ජීවත් වූ බවයි.මෙම මුල්ම කැස්බෑවන්ට වර්ථමානයේ සිටින කැස්බෑවන්ට සමාන බොහෝ ලක්‍ෂණ තිබුණි, පිහිනීම සඳහා හබල් වැනි අත්පා.ඝණ කටුව ( කවචය) යනු එවායින් මූලික ලක්ෂණ කිහිපයකි එම කැස්බෑවන් බොහෝ විට ගොඩබිම හෝ මිරිදිය ජලයේ ජීවත් වූ ඉබ්බන්ගෙන් පරිණාමය වී මුහුදේ ජීවිතයට අනුවර්තනය වූ බවට සැලකනු ලබයි.
මේ වනතෙක් සොයාගෙන ඇති පැරණිතම කැස්බෑ පොසිලය, උතුරු ඇමරිකාවේ ඩෙස්මටොචෙලිස් ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර කාබන් කාල නිර්ණය අනුව එය වසර මිලියන 110ක් පමණ පෙර කාලයට ඒවා අයත් බව සොයා ගත්තේය.
එමගින්, කැස්බෑවන් ආදිකාලයේ සිට තවමත් ජීවත් වන ලොව පැරණිතම ජීවමාන උරග කණ්ඩායම් වලින් එකකට අයත් වන අතර, ඩයිනෝසරයන් පවා විනාශ කළ මහා වඳවීම් ඇතුළුව පෘථිවියේ බොහෝ පාරිසරික වෙනස්කම්වලින් බේරී තම වර්ගයාගේ පැවැත්ම රැකගත්තේය.ඒ කෙසේ වෙතත්, අද ඔවුන් මිනිසුන් විසින් සිදුකරන විවිධ තර්ජන වලට මුහුණ දෙයි. අත්තනෝමතිකව කරනු ලබන වාසස්ථාන විනාශය, පරිසර දූෂණය සහ නීතිවිරෝධී කැස්බෑ දඩයම් කිරීම් නිසා මෙම අද්විතීය සත්වයන් දැන් IUCN (ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමය) විසින් තර්ජනයට ලක්වූ ජීවීන් කාණ්ඩ යටතේ ලැයිස්තුගත කර ඇත. ඒ නිසාම ලෝක කැස්බෑව දිනය සැමරුමක් පමණක් නොව, සෑම පුද්ගලයෙකුටම සංරක්ෂණ ක්‍රියාමාර්ගයට කරන ඇරයුමක් ද වේ.
ලොව පුරා සිටින මුහුදු කැස්බෑව විශේෂ
දැනට ලෝකයේ පිළිගත් කැස්බෑ විශේෂ හතක් ඇත:
1.දාර කැස්බෑවා (Dermochelys coriacea)
2.ඔලුගෙඩි කැස්බෑවා (Caretta caretta)
3.බටු කැස්බෑවා/මඩ කැස්බෑවා (Lepidochelys olivacea)
4.පොතු/ලෙලි කැස්බෑවා (Eretmochelys imbricata)
5.ගල්/ වැලි/කොළ කැස්බෑවා (Chelonia mydas)
6.කෙම්ප්ගේ රිඩ්ලි කැස්බෑවා (Lepidochelys kempii)
7.ෆ්ලැට්බැක් කැස්බෑවා (Natator depressus) – ඔස්ට්‍රේලියානු ජලයේ පමණක් දක්නට ලැබේ.
සෑම කැස්බෑ විශේෂයකටම අයත් අද්විතීය ශාරීරික ලක්ෂණ, ආහාර චර්යාවන් , ලිංගික සහ ප්‍රජනන චර්යාවන් මෙන්ම ඔවුන් මුහුණ දෙන තර්ජනයන්ද ඇත. කැස්බෑවුන්ගේ ව්‍යාප්තිය ලොවපුරා පුළුල්ව පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාව වටා ඇති සාගර සහ වෙරළ තීරයේ කැස්බෑ විශේෂ පහක් දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන්
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැදගත්ම කැස්බෑවන් අභිජනනය සඳහා පැමිණෙන ස්ථානවලින් එකකි. ලෝකයේ මුහුදු කැස්බෑව විශේෂ හතෙන්, පහක් ශ්‍රී ලංකා වෙරළතීරයේ වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාව තුල කෙම්ප්ගේ රිඩ්ලි කැස්බෑවන් (Lepidochelys kempii) හා ෆ්ලැට්බැක් කැස්බෑවන් (Natator depressus) හමුවීමක් වාර්තා නොවන බව සැලකිය යුතුය. එබැවින්, මෙම කලාපයේ කැස්බෑ ලැයිස්තුවෙන් ඒ සතුන් විශේෂ බැහැර කර ඇත.
1. දාර කැස්බෑවා (Dermochelys coriacea)
ලොව සිටින කැස්බෑ විශේෂ හත අතුරින් විශාලතම කැස්බෑවා වර්ගය දාර කැස්බෑවන්ය (Leatherback Turtle) මෙම සතුන් සුවිශේෂී ගුණාංග රාශියකින් සන්නද්ධ වූ සාගර ජීවියෙකි. විශාලත්වයෙන් පමණක් නොව, ඔවුන්ගේ අද්විතීය ශරීර සැකැස්ම සහ ආහාර ගැනීමේ ක්‍රමවේදය හේතුවෙන්ද අනෙකුත් කැස්බෑ විශේෂයන්ගෙන් පෙරදැරිව සිටී.ලොව සිටින Dermochelyidae කුළයට අයත් එකම විශේෂය දාර කැස්බෑවා වේ ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මුඛය සහ ආහාර මාර්ගයේ අත්භුත සැකැස්මයි. අනෙකුත් කැස්බෑ විශේෂයන්ට ඇති කෙරටිනීමය හනු දෙක වෙනුවට, දාර කැස්බෑවුන්ට ඇත්තේ මිනිස් තොල්වලට සමාන නමුත් වඩා ශක්තිමත් වූ හනු යුගලකි. මෙය, ඔවුන්ගේ ආහාර ගැනීමේ ක්‍රමවේදයට අදාළ වූ පරිණාමීය අනුවර්තනයකි.දාර කැස්බෑවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ ජෙලිෆිෂ්ය. මෙම ආහාර ප්‍රභවයෙන් ප්‍රමාණවත් පෝෂණය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ මුඛය සහ උගුර ද, ආමාශයට යන තෙක්ම ඇති කිසිදු ප්‍රදේශය විශේෂිත ආකාරයකට පරිණාමය වී ඇත.මෙම සමස්ත ප්‍රදේශය ආවරණය වී ඇත්තේ දහස් ගණනක් කෙළවර උල් වූ ඇඟිලි සහ කටු වැනි නෙරිම්වලිනි. ජෙලිෆිෂ් මුඛයට ඇතුළු වූ පසු, මෙම නෙරිම්වල ගොදුර රඳවා ගනී. ඉන්පසු මාංශපේශී ක්‍රියාකාරකම් මගින් උගුර සහ ආහාර මාර්ගය තද කර ගනිමින්, ජෙලිෆිෂ් වල ඇති අනවශ්‍ය ජල ප්‍රමාණය පිටකර දැමීමට ඉඩ සලසයි.ශ්‍රී ලංකාව වටා පිහිටි සාගර කලාපවල ජෙලිෆිෂ් ගහනය පාලනය කිරීමේදී දාර කැස්බෑවුන් ඉමහත් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ඔවුන්ගේ ආහාරමය ක්‍රියාකාරකම් නිසා සාගර ජෛව සමතුලිතතාවය රැකෙන අතර, එමගින් අපගේ සාගර කලාපය හිතකර පරිසරයක් ලෙස පවත්වා ගනී.
2. ඔලුගෙඩි කැස්බෑවා (Caretta caretta)
කැස්බෑ විශේෂ අතර කැපී පෙනෙන ලක්ෂණ රාශියකින් සන්නද්ධ වූ ඔළු ගෙඩි කැස්බෑවා,. ඉංග්‍රීසියෙන් Loggerhead Turtle ලෙස ද, සත්ව විද්‍යාත්මකව Caretta caretta ලෙස ද නම් කර ඇත. මෙම විශේෂය ඔවුන්ගේ අනන්‍ය ගුණාංග නිසා අනෙකුත් කැස්බෑ විශේෂයන්ගෙන් පැහැදිලිව වෙන්කර හඳුනා ගත හැකිය.ඔළු ගෙඩි කැස්බෑවාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔවුන්ගේ අනන්‍ය ලෙස විශාල හිසයි. අනෙකුත් කැස්බෑ විශේෂයන් සමඟ සැසදීමේදී මෙම විශාල හිස ප්‍රමාණය හේතුවෙන් ඔවුන්ට "ඔළු ගෙඩි කැස්බෑවා" යන නම ලැබී ඇත. ඔවුන්ගේ කවචය හදවතක හැඩය ගන්නා අතර, මෙම හදවත හැඩැති කැස්බෑ කටුවද ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණයකි.ඔළු ගෙඩි කැස්බෑවාගේ අවල් පාද දෙකෙහි නිය දෙකක් සහ පොතු (ශල්ක) ඇත. විද්‍යාඥයන් විසින් මෙම පොතු "ශල්ක" ලෙස නම් කර ඇති අතර, මේවා ඔවුන්ගේ හැඳුනුම්කරණයේදී වැදගත් ලක්ෂණයකි. ඔවුන්ගේ පිටේ රතු සහ දුබුරු පාට වන අතර.සාමාන්‍ය ඔළු ගෙඩි කැස්බෑවෙකු මීටරයක් පමණ දිගකින් යුතු වේ ,මධ්‍යම ප්‍රමාණයේ සාගර කැස්බෑ විශේෂයක් වන මොවුන් ගේ වැඩුනු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 180ක් පමණ වේ.ඔළු ගෙඩි කැස්බෑවුන් ප්‍රධාන වශයෙන් වාසය කරන්නේ රතු මුහුද සහ ඔස්ට්‍රේලියාව අවට පිහිටි දුපත් කලාපවලය. මෙම කලාප ඔවුන්ගේ ආහාර සම්පත් සහ අභිජනන සඳහා අවශ්‍ය සම්පත් සපයන පරිපූර්ණ සාගර පරිසරයකි.ඔළු ගෙඩි කැස්බෑවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ බෙල්ලන්, දැල්ලන් වැනි අපෘෂ්ඨවංශී සතුන්ය. ඔවුන්ගේ ශක්තිමත් හනු සහ විශාල හිස මෙම ආහාර ප්‍රභවයන් සුරක්ෂිතව අල්ලාගැනීමට ඉඩ සලසයි. මෙම ආහාර රටාව ඔවුන්ගේ හිස ප්‍රමාණය විශාල වීමට පරිණාමීය හේතුවක් විය හැකි බව විද්වත් මතයයි.ඔළු ගෙඩි කැස්බෑවුන්ගේ අභිජනන චර්යාවේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ එකවර දමන බිත්තර සංඛ්‍යාවය. එක් අවස්ථාවකදී ඔළු ගෙඩි කැස්බෑවියකට බිත්තර 150ක් පමණ දැමීමට හැකිය. මෙම අධික බිත්තර සංඛ්‍යාව ඔවුන්ගේ ප්‍රජනන සාර්ථකත්වය සහ විශේෂයේ පැවැත්ම සඳහා වැදගත් වේ.
ඔළු ගෙඩි කැස්බෑවාට ස්වභාවිකව ලැබී ඇති ආරක්ෂාවක් වන්නේ ඔවුන්ගේ මාංශය මිනිසුන්ට අහිතකර වීමයි. මෙම නිසා ඔවුන්ට මිනිසුන්ගෙන් එල්ල වන සෘජු ආහාර අවශ්‍යතා සඳහා වන තර්ජන සාපේක්ෂව අඩුය. මෙය ඔවුන්ගේ ජනගහනය ආරක්ෂා කිරීමේ ස්වභාවික යාන්ත්‍රණයකි.ඔළු ගෙඩි කැස්බෑවුන් ඔවුන්ගේ සාගර පරිසර පද්ධතිවල වැදගත් භූමිකාවක් ඉටු කරයි. අපෘෂ්ඨවංශී සතුන් ආහාරයට ගැනීමෙන් සාගරයේ ජෛව සමතුලිතතාවය පවත්වා ගැනීමට ඔවුන් දායක වේ. එසේම සාගර පරිසර පද්ධතියේ ආහාර ජාලයේ ඉහළ මට්ටමේ සතුන් ලෙස ඔවුන්ගේ පැවැත්ම සමස්ත පරිසර පද්ධතියේ සමබරබව පිළිබිඹු කරයි.
ඔළු ගෙඩි කැස්බෑවුන්ට මිනිස් ආහාර අවශ්‍යතාවන් සඳහා වන සෘජු තර්ජන අඩු වුවද, සාගර දූෂණය, ප්ලාස්ටික් අපද්రව්‍ය, සහ වෙරළ සංවර්ධනය වැනි වෙනත් මිනිස් ක්‍රියාකාරකම්වලට ඔවුන් තවමත් හසු වේ.සුන්දර හදවත හැඩැති කටුව සහ විශාල හිස සහිත මෙම අද්විතීය ජීවීන්ගේ පැවැත්ම අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත කිරීම අප සියලු දෙනාගේ වගකීමකි. ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම නිසා පමණක් මෙම සුවිශේෂී කැස්බෑවන් විශේෂයට සාගරයේ ඇති පැවැත්ම තහවුරු වනු ඇත.
3. බටු/මඩ කැස්බෑවා (Lepidochelys olivacea)
ලොව කුඩාම සහ වඩාත්ම සංවේදී කැස්බෑවන් වර්ගය වන්නේ බටු කැස්බෑවන් ය. ඉංග්‍රීසියෙන් Olive Ridley Turtle ලෙස හැඳින්වෙන අතර සත්ව විද්‍යාත්මකව Lepidochelys olivacea ලෙස වර්ගීකරණය කර ඇති මෙම විශේෂය ඔවුන්ගේ අද්විතීය වර්ණ පැලැත්ත සහ සුවිශේෂී අභිජනන චර්යාව නිසා ලොව පුරා සත්ව විද්‍යාඥයන්ගේ අවධානය ලබා ගෙන ඇත.
බටු කැස්බෑවාගේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ ඔවුන්ගේ කටුවේ සහ හිසේ අලංකාර කොළ පාටින් යුත් රටාවයි. මෙම කොළ පැහැය, දුබුරු සහ රන්වන් වර්ණ සම්මිශ්‍රණයක් ඔවුන්ගේ කටුව මත සුන්දර රටාවක් නිර්මාණය කරයි. මෙම වර්ණ සම්මිශ්‍රණයෙන් ඔවුන්ට "ඔලිව් රිඩ්ලි" ලෙස ඉංග්රිසි බසින් නම ලැබී ඇත.
බටු කැස්බෑවා ශ්‍රී ලංකාවේ දකින මුහුදු කැස්බෑව විශේෂ අතර කුඩාතම වර්ගය වේ. සම්පූර්ණ වැඩුණු බටු කැස්බෑවෙකු සෙන්ටිමීටර 60ත් 70ත් අතර දිගකින් යුතු වන අතර, බර කිලෝග්‍රෑම් 45ක් පමණ වේ. මෙම නිසා කැස්බෑ විශේෂ අතර සාපේක්ෂව කුඩාම වර්ගය ලෙස බටු කැස්බෑවා හැඳින්වේ.
බටු කැස්බෑවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ ජෙලිෆිෂ්, කුඩා මාළු, කකුළුවන්, සහ සාගර තණකොළ වර්ගයි. ඔවුන්ගේ කෙටි හනු මෙම විවිධ ආහාර ප්‍රභවයන් ලබා ගැනීමට සුදුසු ලෙස සැකසී ඇත. ඔවුන්ගේ මෙම ආහාර ගැනීමේ රටාව නිසා ඔවුන්ව මිශ්‍ර ආහාර ගන්නා කැස්බෑව විශේෂයක් ලෙස හඳුන්වනු ලබයි.
බටු කැස්බෑවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන සහ ප්‍රසිද්ධ අභිජනන ලක්ෂණය වන්නේ ඔවුන්ගේ "අරිබඩා" ප්‍රපංච ලෙස හැඳින්වෙන සමූහික අභිජනන චර්යාවයි. මෙහිදී දහස් ගණනක් බටු කැස්බෑවියන් එකවර වෙරළට පැමිණ බිත්තර දැමීමේ ක්‍රියාවලියේ නිරත වේ. මෙම සමූහ අභිජනන සිදුවීම ප්‍රධාන වශයෙන් මෙක්සිකෝවේ සහ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වෙරළ තීරයන් හී දකින්නට ලැබෙන අතර, එය ලොව සුවිශේෂීතම ස්වභාවික සිදුවීමකි.
ශ්‍රී ලංකාවේ බටු කැස්බෑවුන්ගේඅරිබඩා අභිජනන චර්යාව මෙක්සිකෝවේ සහ ඉන්දියාවේ තරම් විශාල නොවුවද, ඔවුන් කුඩා කණ්ඩායම් ලෙස වෙරළට පැමිණ බිත්තර දමන අවස්ථා දක්නට ලැබේ. මාතර, හම්බන්තොට සහ අම්පාර වෙරළ තීරයේ ඉඳුරුව, කොස්ගොඩ, රැකව, බූන්දල, යාල ආශ්‍රිත ප්‍රදේශවලදී බටු කැස්බෑවුන්ගේ අභිජනන ක්‍රියාකාරකම් වාර්තා වී ඇත.
බටු කැස්බෑවියක් එක් අවස්ථාවකදී බිත්තර 100ත් 120ත් අතර ප්‍රමාණයක් දමයි. මෙම බිත්තර පනස් දින හතර පමණ කාලයකින් පැටවුන් බිහි වන අතර සම්පූර්ණ ලිංගික පරිණත භාවයට පැමිණීමට කැස්බෑ පැටවුන්ට වසර 12ත් 15ත් අතර කාලයක් ගතවේ.
බටු කැස්බෑවුන්ගේ ගහනය ප්‍රධාන වශයෙන් වෙරළ සංවර්ධනය, ප්ලාස්ටික් දූෂණය, මාළු දැල්වල සිරවීම සුනඛයන් වැනි සතුන් විසින් බිත්තර ගොදුරු කරගැනීම සහ කෘත්‍රිම ආලෝකය නිසා තර්ජනයට ලක්වෙමින් පවතී. මෙම විශේෂය ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමයේ අන්තරායට ලක්වූ විශේෂ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
4. පොතු/ලෙලි කැස්බෑව (Eretmochelys imbricata)
කැස්බෑ විශේෂ අතර වඩාත්ම සුන්දර සහ වාණිජ වටිනාකමක් ඇති විශේෂය ලෙස සැලකෙන පොතු කැස්බෑවා, ඉංග්‍රීසියෙන් Hawksbill Turtle ලෙස ද සත්ව විද්‍යාත්මකව Eretmochelys imbricata ලෙස ද හැඳින්වේ. මෙම විශේෂය ඔවුන්ගේ සුන්දර කවචය සහ හිසෙහි හැඩය නිසා සත්ව විද්‍යාඥයන්ගේ සහ ස්වභාව විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය ඔවුන් ලබා ගෙන ඇත.
පොතු කැස්බෑවාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔවුන්ගේ උල් වූ, උකුස්සකුගේ හොටට සමාන හිස හැඩයයි. මෙම විශේෂ හිස හැඩය නිසා ඔවුන්ට "හෝව්ක්ස් බිල්" (උකුසු හොටයා) යන නම ලැබී ඇත. ඔවුන්ගේ මුඛය කෙටි සහ තියුණු වන අතර, කොරල්පර අතරේ සැඟවී සිටින කුඩා සතුන් දඩයම් කර ගැනීම සඳහා එය පරිණාමය වී ඇත.
පොතු කැස්බෑවාගේ කටුව (කවචය) ඔවුන්ගේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණයයි. මෙම කටුව දුබුරු, කහ, සහ කලු පාට සම්මිශ්‍රණයකින් යුත් සුන්දර රටාවක් ගෙන යයි. කටවේ ඇති පුවරු 13ක් පමණ වන ලෙස අලංකාරව පිහිටා ඇති අතර, ඒ සෑම එකක්ම සර්පිලාකාර රටා සහිත දුඹුරු පාට සම්මිශ්‍රණයකින් හැඩව ඇත. අතීතයේදී මෙම කටුවේ ඇති කැස්බෑ පොතු ආභරණ සෑදීම සඳහා ඉහළ වටිනාකමකට අලෙවි කල අතර, ඒ නිසාම පොතු කැස්බෑවුන්ට දැඩි තර්ජන එල්ල විය.
මධ්‍යම ප්‍රමාණයේ කැස්බෑ විශේෂයක් වන පොතු කැස්බෑවන් ගේ සම්පූර්ණ වැඩුණු සතෙකුගේ කටුව සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 80ත් 90ත් අතර දිගකින් යුතු වන අතර, ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 50ත් 80ත් අතර පරාසයක පවතී.
පොතු කැස්බෑවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ කොරල් බහුබාවන් වර්ගයි.. එපමණක් නොව, ඔවුන් සාගර ඇල්ගී, කුඩා මාළු, කකුළුවන් ඉස්සන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශික සතුන්ද ආහාරයට ගනී. ඔවුන්ගේ තියුණු හොට් හැඩැති හනු කොරල් අතර පිහිටි කුඩා සතුන් අල්ලා ගැනීමට සහ බහුබාවන් වර්ගයන් කැඩීමට හැකි පරිදි හැඩ ගැසී ඇත
පොතු කැස්බෑවුන්ගේ ආහාර පුරුදු සතුව ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මිනිසුන්ට විෂ වන බහුබාවන් වර්ග පවා ආහාරයට ගැනීමට හැකි වීමයි. මෙම බහුබාවන් වර්ග ආහාර කර ගනිමින්, ස්වභාවික ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස භාවිතා කරයි. මෙම හේතුව නිසාම පොතු කැස්බෑවුන්ගේ මාංශය මිනිසුන්ට භයානක ලෙස විෂ වන අතර, එමගින් ඔවුන්ට ආහාර අවශ්‍යතාවන් සඳහා දඩයම් කිරීමෙන් වන සෘජු තර්ජන අඩු වේ.
පොතු කැස්බෑවුන්ගේ අභිජනන චර්යාව අනෙකුත් කැස්බෑ විශේෂයන්ට සමානයි. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ වෙරළට පැමිණ, වැලි කුහරයක් කාපා බිත්තර 120ත් 140ත් අතර ප්‍රමාණයක් දමයි. මෙම බිත්තර දින 55ත් 65ත් අතර කාලයකින් පැටවුන් බිහි වේ. නමුත් පොතු කැස්බෑවුන්ගේ ප්‍රජනන වටිනාකම අඩු වන්නේ ඔවුන්ගේ ප්‍රජනන කටයුතු ඉතා අඩු වාර ගණනක් සිදු වීම නිසාය.
ශ්‍රී ලංකාවේ පොතු කැස්බෑවුන්ගේ ප්‍රධාන අභිජනන ප්‍රදේශ වන්නේ දකුණේ සහ නැගෙනහිර වෙරළ තීරයේ ආශ්‍රිත ප්‍රදේශවලයි. වැල්ලම්පිටිය, රැකව, අම්බලන්ගොඩ සහ ආරුගම්බේ වෙරළ තීරයන්හි පොතු කැස්බෑවුන්ගේ අභිජනන ක්‍රියාකාරකම් වාර්තා වී ඇත.
5. කොළ කැස්බෑවා ගල්/ වැලි කැස්බෑවා (Chelonia mydas)
ශ්‍රී ලංකාවේ වෙරළ ප්రදේශවල සිටින කැස්බෑ විශේෂ අතර වඩාත්ම ප්‍රසිද්ධ විශේෂය වන්නේ කොළ කැස්බෑවායි ගල් කැස්බෑවා වැලි කැස්බෑවා ලෙසද හඳුන්වන්නේ මෙම විශේෂය . ඉංග්‍රීසියෙන් Green Turtle ලෙස ද සත්ව විද්‍යාත්මකව Chelonia mydas ලෙස ද හඳුන්වන මොවුන්ගේ අගය එක් කළ මාංශය, විශාල ප්‍රමාණය සහ සුන්දරත්වය නිසා ශ්‍රී ලංකාවේ සාගර ජෛව විවිධත්වයේ ප්‍රධාන සංරචකයක් ලෙස සැලකේ.
කොළ කැස්බෑවාගේ නම ලැබීමට හේතුව ඔවුන්ගේ ශරීරය තුළ තැන්පත්ව ඇති මේදයේ වර්ණයයි. මෙම මේදයේ කොළ වර්ණය ඔවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන සාගර තණකොළ සහ ඇල්ගී වර්ගවල ක්ලෝරෝෆිල් සහ කැරොටිනොයිඩ් වර්ණක නිසා ඇති වේ. ඔවුන්ගේ කවචය සාමාන්‍යයෙන් දුබුරු, කහ, සහ කලු පාට මිශ්‍රණයකින් යුතු වන අතර, සමහර විට ඔලිව් කොළ පාට ද පෙන්නුම් කරයි.
කොළ කැස්බෑවා ශ්‍රී ලංකාවේ සිටින කැස්බෑ විශේෂ අතර දෙවන විශාලතම වර්ගයයි. පූර්ණ ලෙස වර්ධනය වූකොළ කැස්බෑවෙකුගේ කවචය( කටුව) මීටර 1.5ක් පමණ දිගකින් යුතු වන අතර, ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 150ත් 230ත් අතර පරාසයක පවතී. කෙසේ වෙතත්, කිලෝග්‍රෑම් 300ක් පමණ බරකින් යුක්ත කොළ කැස්බෑවුන් වාර්ථා වී ඇත.
කොළ කැස්බෑවුන්ගේ ආහාර චර්යාව කැස්බෑ ලෝකයේ ඔවුන්ටම ආවේනික වූ සුවිශේෂී ලක්ෂණයකි. කුඩා වයසේදී මාංශ භක්ෂකයින් ලෙස ක්‍රියා කරන අතර, ජෙලිෆිෂ්, කුඩා මාළු, ඉස්සන් , කකුළුවන් සහ කුඩා අපෘෂ්ඨවංශික සතුන් ආහාරයට ගනී. නමුත් වයස වැඩි වන විට ඔවුන්ගේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.
වයස්ක කොළ කැස්බෑවුන් ප්‍රධාන වශයෙන් ශාකමය වන අතර, සාගර තණකොළ, ඇල්ගී, සහ මුහුදු ශාක ආහාරයට ගනී. ඔවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ සාගර තණකොළ වර්ග වන සී ග්‍රාස්ය. මෙම ආහාර රටාව අනුව ඔවුන්ගේ හිස කුඩා ශාක කඩන්න සුදුසු ආකාරයට පරිණාමය වී ඇත.
කොළ කැස්බෑවුන්ගේ ආහාර ගැනීමේ ක්‍රමවේදය සාගර තණකොළ පරිසර පද්ධතියේ කළමණාකරණයට ඉතා වැදගත්ය. ඔවුන් සාගර තණකොළ ක්‍රමවත් ලෙස කපා ආහාරයට ගැනීමෙන්, නව කොළ වර්ධනයට උත්තේජනය සපයන අතර, සාගර තණකොළ වර්ධනයද කරයි. මෙනිසාම ඔවුන් "සාගර තණකොළ කපන්නන්" ලෙස විරුදාවලිය ලබා ඇත.
කොළ කැස්බෑවුන්ගේ ආහාර රටාවේ මෙම විශේෂත්වය නිසා ඔවුන්ගේ මාංශය විශේෂ රසයකින් යුතු වන අතර, අතීතයේ සිට ඔවුන් ආහාර සඳහා දඩයම් කර ඇත. ඔවුන්ගේ මේදය, මාංශය සහ බිත්තර සම්ප්‍රදායික ආහාර සහ ඖෂධ ප්‍රයෝජන සඳහා ඉහළ ඉල්ලුමක් ගෙන දුන්නේය.
කොළ කැස්බෑවුන්ගේ අභිජනන චර්යාව ඉතා සුවිශේෂී ලක්ෂයකින් යුතුය.ඒ ඔවුන් ජනිත වූ වෙරළ ප්‍රදේශයටම ආපසු පැමිණ බිත්තර දැමීමය . මෙම ස්වභාවික ගුණාංගය "නේටල් හෝමිං" ලෙස හැඳින්වේ.
කොළ කැස්බෑවියක් එක් අවස්ථාවකදී බිත්තර 100ත් 200ත් අතර ප්‍රමාණයක් දමයි. ඔවුන්ගේ අභිජනන සමයේදී එක් කැස්බෑවියක් දින 12ත් 16ත් අතර කාල පරාසයක් ඇතුළත 3වරත් 7තවරක් අතර වතාවකදී බිත්තර දමන ක්‍රියාවලිය කරයි. බිත්තර පැටවුන් බිහි වීමට දින 45ත් 75ත් අතර කාලයක් ගතවේ.
ශ්‍රී ලංකාවේ කොළ කැස්බෑවුන්ගේ ප්‍රධාන අභිජනන ප්‍රදේශ වන්නේ උතුරු සහ වයඹ දිග වෙරළ තීරයේ ප්‍රදේශවලයි. කල්පිටිය, කුඩා කල්පිටිය, දූවේ, තලවිලා, සහ ත්‍රිකුණාමලය අවට පිහිටි කොකිලායි, පුලමොඩෙයි වැනි ස්ථානවල කොළ කැස්බෑවුන්ගේ අභිජනන ක්‍රියාකාරකම් දක්නට ලැබේ.
කොළ කැස්බෑවුන්ගේ ජනගහනය ප්‍රධාන වශයෙන් තර්ජනයට ලක්ව සිටින්නේ ආහාර සඳහා වන සෘජු දඩයම, වෙරළ සංවර්ධන ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් දූෂණය, මත්ස්‍ය දැල්වල හසුවීම, සහ ගවේෂණ ක්‍රියාකාරකම් නිසාය. ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමය කොළ කැස්බෑවා "අන්තරායට ලක්වූ" (Endangered) ලෙස වර්ගීකරණය කර ඇත.
කොළ කැස්බෑවුන්ගේ සාගර තණකොළ පද්ධති කළමනාකරණයේ දී සිදුකරන කාර්යභාරය අතිමහත්ය. ඔවුන්ගේ නැතිවීම සාගර තණකොළ පරිසර පද්ධතියේ සමතුලිතතාවයට සෘජුවම බලපාන අතර , සාගර තණකොළ පද්ධති ගැඹුරු සාගර පරිසර පද්ධතිවල ජෛව විවිධත්වයට සෘජු බලපෑමක් ඇති කරයි. එමනිසා මෙම විශේෂය සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකාවේ සමස්ත සාගර පරිසර පද්ධතියේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.
සමුද්‍රීය පරිසර පද්ධති සඳහා මුහුදු කැස්බෑවන්ගේ වැදගත්කම
*කොරල්පර ආරක්ෂා කිරීම : පොතු කැස්බෑවන් කොරල්පර මත කොරල් බහුබාවන් ජනගහනය පාලනය කිරීමට උපකාරී වෙයි, කොරල්වලට වර්ධනය වීමටද ඉඩ ලබා දෙයි. කොළ කැස්බෑවන් මුහුදු තණකොළ මත ආහාර ගනිමින්, එහි සෞඛ්‍යය සහ ඵලදායිතාව පවත්වා ගනී.
*සමුද්‍රීය ආහාර දාම : කැස්බෑවන් සමුද්‍රීය පරිසර පද්ධතිවල විලෝපිකයන් මෙන්ම ගොදුරක්ද වන අතර, පාරිසරික සමතුලිතතාව සහතික කරයි.
*වෙරළ ස්ථායිතාව : කැස්බෑව අභිජනනය වෙරළබඩ පරිසර පද්ධතිවලට පෝෂ්‍ය පදාර්ථ සපයන අතර, වෘක්ෂලතාදිය ශක්තිමත් කරන සහ වෙරළ ඛාදනය වැළැක්වීමට එය ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන්ට ඇති තර්ජන
සමහර වෙරළබඩ ප්‍රජාවන්හි කැස්බෑවන්ට ආරක්ෂාව තිබුණද, ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බොහෝ තර්ජනවලට මුහුණ දෙයි:
බිත්තර සහ මස් සොරකම් දූෂණය, විශේෂයෙන්ම ප්ලාස්ටික් බෑග්, ජෙලිෆිෂ් වලට වෙනුවට වරදවා ගත් සහ ආශ්‍රය කරනු ලබන
කූඩු සෑදීමේ වෙරළ ඍජු කරන නියාමනය නොකළ සංචාරක කර්මාන්තය කැස්බෑ කූඩු සෑදීමේ මාර්ග අවහිර කරන වෙරළබඩ සංවර්ධනය
අනතුරු වීමට හේතු වන මාළු දැල්
ශ්‍රී ලංකා සංරක්ෂණ ප්‍රයත්න කැස්බෑවන් බේරාගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා දිවයින පුරා සංරක්ෂණ සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක වේ.
මේවා මගින් සිදුකරන:
*කූඩු ආරක්ෂණය සහ සංරක්ෂණය වැඩසටහන්
*පැටවුන් මුහුදට මුදා හැරීම
*මහජන දැනුවත්කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන්
*වෙරළ පිරිසිදු කිරීම් සහ ප්‍රජා සහභාගිත්වය
මේ හා සම්බන්ද රජයේ සහ රාජ්‍ය නොවන ප්‍රයත්න ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතී, නමුත් දිගුකාලීන සාර්ථකත්වය සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජා සහභාගිත්වය ඉතා වැදගත්ය.
ඔබට උදව් කළ හැකි ආකාරය
ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටියත්, ඔබට මුහුදු කැස්බෑව සංරක්ෂණයට සහාය විය හැක:
ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම
පරිසර හිතකර සංචාරක කර්මාන්තයට සහාය දීම
කැස්බෑව කවච නිෂ්පාදන මිලදී ගැනීම වැළකීම
සංරක්ෂණ කණ්ඩායම්වලට පරිත්‍යාග කිරීම හෝ ස්වේච්ඡාවෙන් සේවය කිරීම
කැස්බෑවන් සහ සමුද්‍රීය සංරක්ෂණය පිළිබඳව අන් අයට ඉගැන්වීම
මෙම ලෝක කැස්බෑව දිනයේදී, මෙම අහිංසක යෝධයන් සාගර වැදගත් බව ලෝවට මතක් කරමු—ඔවුන් සාගර ස්වභාවික උරුමයේ කොටසකි. කැස්බෑවන් ආරක්ෂා කිරීම යනු අනාගත පරම්පරාව සඳහා අපේ සාගර ආරක්ෂා කිරීමක් ය.
LLLF Media Team
සුරංජීව කොඩිතුවක්කු