Back to Blog

ඇමරිකාවෙන් හමු වූ සොම්බි රැබිට්ස්

Editor
ඇමරිකාවෙන් හමු වූ සොම්බි රැබිට්ස්

ninenews වෙතින් උපුටා ගන්නා ලදී

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින්, මුහුණේ සහ බෙල්ල ප්‍රදේශවල අමුතු අං වැනි කොටස් සහිත විකෘති පෙනුමක් ඇති හාවුන් පිරිසක් හමුවී තිබෙනවා. මෙම හාවුන්, 'Shope Papillomavirus' නම් දුර්ලභ වෛරසයකින් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Zombie rabbit virus'? Expert explains what it really is – NBC Chicago


මෙම වෛරසය 1933 වසරේදී සොයාගෙන ඇති අතර, මීට පෙර 2013, 2022 සහ 2023 වසරවලදීද අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිත හාවුන් හමුවී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වසරේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් හමුවූ හාවුන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වැඩි බවයි වාර්තා වන්නේ.

විකෘති පෙනුම නිසා ප්‍රදේශවාසීන් මෙම හාවුන්ට 'Zombie Rabbits', 'Demon Rabbits' සහ 'Frankenstein's Bunnies' වැනි නම් කිහිපයක් පටබැඳ තිබෙනවා.

What is the SPV virus turning rabbits into 'zombie bunnies' with tentacles,  and can it infect dogs or cats? - The Economic Times


වෛද්‍යවරුන් සහ වනජීවී අංශ මහජනතාව දැනුවත් කරන්නේ, මෙම වෛරසය මගින් මිනිසුන්ට බලපෑමක් නොමැති බවයි. එසේ වුවත්, ආසාදිත සතුන් ස්පර්ශ නොකිරීමට සහ සුරතල් සතුන් ඔවුන් අසල ගැවසීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ වන විට මෙම වෛරසය හාවුන්ට පමණක් සීමා වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.